ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාවකට එක්වෙමින් රටේ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා තීරණාත්මක පියවර කිහිපයක් පිළිබඳව අවධානය යොමු කළා. විශේෂයෙන්ම ජනතාවට කඩිනමින් යුක්තිය ඉටු කර දීම සඳහා අධිකරණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම රජයේ ප්‍රධාන අරමුණ බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. කොළඹ, ගාල්ල, මාතලේ සහ කන්තලේ ඇතුළු ප්‍රදේශවල නව අධිකරණ සංකීර්ණ ඉදිකිරීමේ ප්‍රගතිය සමාලෝචනය කළ අතර, ආර්ථික අර්බුදය හමුවේ නතර වී තිබූ විනිසුරුවරුන්ගේ නිල නිවාස ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමටත් තීරණය කර තිබෙනවා.
මීට අමතරව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නවීකරණය කරමින් මාසික වාර්තා නිකුත් කිරීමේ ධාරිතාව 9,000 දක්වා ඉහළ නැංවීමටත්, එම දෙපාර්තමේන්තුව වඩාත් පහසුකම් සහිත ස්ථානයකට ගෙන යාමටත් පියවර ගන්නවා. බන්ධනාගාර පද්ධතියේ ප්‍රතිසංස්කරණ සඳහා රුපියල් බිලියන 5.6කට අධික මුදලක් වෙන් කර ඇති අතර, බන්ධනාගාර නිලධාරීන්ගේ සුබසාධනය සහ තාක්ෂණික පහසුකම් වැඩිදියුණු කිරීමටත් මෙහිදී අවධානය යොමු වුණා. එසේම, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම සහ විශේෂිත ක්ෂේත්‍ර සඳහා නව ප්‍රසම්පාදන ක්‍රමවේද හඳුන්වා දීම හරහා රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. මෙම සියලු පියවර 2027 අයවැය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Discussion & Feedback