දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මනියේ පැවති නාසි යුද සිරකඳවුරක ආරක්ෂකයෙකු ලෙස කටයුතු කළ 105 හැවිරිදි පුද්ගලයෙකුට එරෙහිව මේ වන විට නීතිමය පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. මොහුට චෝදනා එල්ල වෙලා තියෙන්නේ ‘ස්ටාලාග් 326’ නමැති සිරකඳවුරේදී සිදුවූ මිනීමැරුම් රැසකට සහය දැක්වීම සම්බන්ධවයි. එම කඳවුරේ රුසියානු යුද සිරකරුවන් දස දහස් ගණනක් ඉතා අමානුෂික ලෙස මියගොස් ඇති අතර, ඔවුන්ව එහි භූමදානය කර තිබෙනවා. මේ වන විටත් ජර්මානු නීති අංශ විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉතා සියුම්ව කරුණු සොයා බලමින් ඉන්නවා.
යුද්ධය අවසන් වී දශක අටකට අධික කාලයක් ගතවී තිබුණත්, නාසි සමයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට ජර්මනිය තවමත් උත්සාහ කරනවා. මීට පෙරත් මෙවැනිම චෝදනා ලැබූ 99 හැවිරිදි පුද්ගලයෙකු පරීක්ෂණ අතරතුර මියගිය අතර, වයස අවුරුදු 100 ඉක්මවූ තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුටම එරෙහිව මෙවැනි නීතිමය ක්රියාමාර්ග ගෙන තිබෙනවා. කෙසේ වෙතත්, මෙතරම් දීර්ඝ කාලයකට පසු සාක්ෂි සොයා ගැනීම සහ සැකකරුවන් නීතිය හමුවට පැමිණවීම ඉතා අසීරු කාර්යයක් බවයි බලධාරීන් පවසන්නේ. ජර්මනියේ නීතියට අනුව මිනීමැරුම් සම්බන්ධයෙන් කාලසීමාවක් නොමැති නිසා, වයස කුමක් වුවත් නාසි අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමට ඔවුන් කටයුතු කරනවා.

Discussion & Feedback