අගතා ක්රිස්ටිගේ නවකතා ඇසුරින් නිර්මාණය වුණු චිත්රපට සහ ටෙලි නාට්ය මෑත කාලයේදී අපිට ඕනෑ තරම් දකින්න ලැබුණා. හැබැයි ක්රිස්ටි ලියපු විශිෂ්ටතම නවකතාව වන ‘ද මර්ඩර් ඔෆ් රොජර් ඇක්රොයිඩ්’ (The Murder of Roger Ackroyd) තවමත් කිසිම සිනමා නිර්මාණයකදී එහි නියම අරුතින් දකින්න ලැබුණේ නැහැ. මේ පොතේ තියෙන අතිවිශිෂ්ට අවසානය හෙවත් ‘ට්විස්ට්’ එක සිනමාවට නැගීම ඉතාම අසීරු කාර්යයක් විදියටයි බොහෝ දෙනා සලකන්නේ. මීට කලින් දෙවතාවක් මේ කතාව තිරගත වුණත්, ඒ හැම අවස්ථාවකදීම කතාවේ වැදගත්ම කොටස වන එම අභිරහස් අවසානය කතාවෙන් ඉවත් කර තිබීම රසිකයන්ට ලොකු අඩුපාඩුවක් වුණා.
මේ නවකතාවේ විශේෂත්වය වෙන්නේ කතාවේ ප්රධාන චරිතයක් වන වෛද්ය ජේම්ස් ෂෙපර්ඩ් විසින් කතාව විස්තර කරගෙන යාමයි. අවසානයේදී පොයි රෝ විසින් හෙළි කරන්නේ ඇත්තටම මිනීමරුවා වෙන්නේ කතාව කියන මේ වෛද්යවරයාම බවයි. මේ අපූරු හැරවුම සිනමාවට නැගීම අභියෝගයක් වුණත්, දැන් බීබීසී ආයතනය විසින් අලුතින් නිෂ්පාදනය කරන්න යන හර්කියුලිස් පොයි රෝ කතා මාලාව ගැන ලොකු බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා. 2027 වසරේදී විකාශය වීමට නියමිත මේ කතා මාලාව හරහා අගතා ක්රිස්ටිගේ මේ විශිෂ්ටතම නවකතාවේ සැබෑ අවසානය අපිට දකින්න ලැබෙයි කියලා ලෝකය පුරා ඉන්න අභිරහස් කතා රසිකයන් ලොකු උනන්දුවකින් බලාගෙන ඉන්නවා.

Discussion & Feedback