මේ දවස්වල පැවැත්වෙන ඇමරිකානු ටෙනිස් තරගාවලියට (US Open) සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය ඉන්ෆ්ලුවෙන්සර්ලා 100 දෙනෙක් විතර ආරාධනා කරලා ගෙන්නගෙන තියෙනවා. මේක ටෙනිස් ක්‍රීඩාව ප්‍රචලිත කරන්න හොඳ දෙයක් වුණත්, මේ අයගේ හැසිරීම් රටාව නිසා ක්‍රීඩාවේ තියෙන සාම්ප්‍රදායික විනය නීති රීති ගැන ලොකු ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. විශේෂයෙන්ම නයෝමි ඔසාකාගේ තරගයක් අතරතුර මේ ඉන්ෆ්ලුවෙන්සර්ලා කණ්ඩායමක් රින්ග් ලයිට් දාගෙන ෆොටෝ ෂූට් එකක් කරපු එක ක්‍රීඩිකාවන්ට වගේම ප්රේක්ෂකයන්ටත් ලොකු බාධාවක් වුණා. තරග විනිසුරුවරුන්ටත් කිහිප වතාවක්ම මේ ගැන මැදිහත් වෙන්න සිද්ධ වුණා.
මේ සිද්ධිය ගැන කතා කරපු කොකෝ ගෝෆ් සහ ජෙසිකා පෙගුලා වගේ ප්‍රබල ක්‍රීඩිකාවන් කියන්නේ, ක්‍රීඩාව ප්‍රචලිත කරන එක හොඳ වුණත්, ක්‍රීඩාවට සහ ක්‍රීඩකයන්ට ගරු කරන්න හැමෝම දැනගන්න ඕනේ කියලා. රතු පලසක් මතට යනකොට අඳින පළඳින විදියක් තියෙනවා වගේම, ටෙනිස් පිටියට ආවම ඒ ක්‍රීඩාවට අදාළ විනය රීති අනුගමනය කරන්න ඕනේ කියන එක තමයි ඔවුන්ගේ අදහස. සමහර ක්‍රීඩකයන් මේ වෙනස දකින්නේ ක්‍රීඩාවේ දියුණුවට ලැබුණු අවස්ථාවක් විදියට වුණත්, මේ වගේ හැසිරීම් ටිකක් වැඩි වෙලා කියලා තමයි ගොඩක් අය කියන්නේ. කොහොම වුණත්, ක්‍රීඩාව ජනප්‍රිය කරන ගමන්ම ඒකේ තියෙන ගෞරවය ආරක්ෂා කරගන්නත් සංවිධායකයන් මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ කියන එක තමයි මේ දවස්වල ක්‍රීඩා ලෝලීන් අතර තියෙන ප්‍රධානම කතාබහ.

Discussion & Feedback