මෑතකදී අල්ජීරියාවෙන් සොයාගත් අඟහරු ග්රහයාට අයත් උල්කාපාතයක් පිළිබඳව විද්යාඥයන් අලුත්ම හෙළිදරව්වක් කරලා තියෙනවා. NWA 13441 ලෙස නම් කරලා තියෙන මේ උල්කාපාතය වසර බිලියන 1.27ක් තරම් පැරණි එකක්. අඟහරු ග්රහයාගේ භූ විද්යාත්මක ඉතිහාසයේ වසර මිලියන 600 සිට බිලියන 2.4 දක්වා කාල පරාසය ගැන මෙතෙක් අපිට තිබුණේ ඉතා අඩු දැනුමක්. නමුත් මේ අලුත් උල්කාපාතය මගින් ඒ කාලයේ අඟහරු මත සිදුවූ දේවල් ගැන අලුත් තොරතුරු රැසක් දැනගන්න ලැබෙනවා කියලා තමයි විද්යාඥයන් කියන්නේ.
මේ උල්කාපාතය විශේෂ වෙන්නේ එහි අඩංගු සංයුතිය නිසයි. සාමාන්යයෙන් අඟහරුගෙන් ලැබෙන උල්කාපාතවලට වඩා වෙනස් ලක්ෂණ මෙහි තියෙනවා. විශේෂයෙන්ම මෙහි අඩංගු ‘නියෝඩයිමියම්’ වැනි දුර්ලභ මූලද්රව්ය නිසා, අඟහරු ග්රහයාගේ අභ්යන්තරය සෞරග්රහ මණ්ඩලය බිහිවූ මුල් කාලයේ සිටම එලෙසම ආරක්ෂා වී තිබෙන බවට සාක්ෂි ලැබෙනවා. පෘථිවිය වගේ නෙවෙයි, අඟහරු මත භූ තැටි චලනයන් සිදු නොවෙන නිසා ග්රහයාගේ ආරම්භක අවධියේ තිබූ දේවල් තවමත් එලෙසම පවතින බව මේ පර්යේෂණයෙන් තහවුරු වෙනවා.
බොස්ටන් විද්යාලයේ මහාචාර්ය ඊතන් බැක්ස්ටර් ඇතුළු පර්යේෂකයන් පවසන්නේ, මේ උල්කාපාතය අඟහරුගේ ගිනිකඳු ක්රියාකාරකම් සහ මැග්මා චලනයන් ගැන තවදුරටත් අධ්යයනය කරන්න ලොකු පිටුවහලක් වෙනවා කියලයි. අඟහරුගේ අතීතය ගැන මෙතෙක් නොදැන සිටි රහස් රැසක් ඉදිරියේදී මේ හරහා එළියට ඒවි කියලා විද්යා ලෝකයම බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.

Discussion & Feedback