🗡️ Sekiro: No Defeat – ඇනිමේ ලොව අලුත්ම පෙරළිය! 🐉
ලොව පුරා අතිශය ජනප්රිය වූ Sekiro: Shadows Die Twice වීඩියෝ ක්රීඩාව ඇසුරින් නිර්මාණය වන “Sekiro: No Defeat” ඇනිමේ කතා මාලාවේ අලුත්ම තොරතුරු පසුගිය සඳුදා නිකුත් වූ ප්රචාරක වීඩියෝවක් (Promotional Video) මගින් නිල වශයෙන් අනාවරණය කර තිබේ.
🎬 ප්රදර්ශනය සහ විකාශනය
සිනමා දර්ශන: 2026 වසරේදී ජපානය පුරා සිනමාශාලාවල විශේෂ ප්රදර්ශනයක් ලෙස මෙය ආරම්භ වේ.
ගෝලීය විකාශනය: ජපානය, චීනය සහ රුසියාව වැනි රටවල් කිහිපයක් හැර සෙසු ලොව පුරා රටවල Crunchyroll හරහා පමණක් මෙය නැරඹිය හැකිය.
🎶 සංගීතය සහ කලාත්මක බව
මෙහි තේමා ගීතය ලෙස අභාවප්රාප්ත සුප්රකට සංගීතවේදී Ryuichi Sakamoto ගේ ‘The Best of Playing the Orchestra 2014’ ඇල්බමයේ එන “Blu” නිර්මාණය යොදාගෙන ඇත.
🚫 AI භාවිතයෙන් තොරයි!
නිෂ්පාදන කණ්ඩායම (Qzil.la, ARCH සහ Kadokawa) විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ, මෙම නිර්මාණය සඳහා කිසිදු කෘතිම බුද්ධියක් (AI) භාවිතා නොකරන බවයි. මුළු ඇනිමේ පටයම දක්ෂ ශිල්පීන්ගේ දෑතින් ඇඳි (2D Hand-drawn) සජීවීකරණයක් ලෙස නිපදවන බව ඔවුන් සහතික කරයි.
🎙️ හඬකැවීම් ශිල්පීන් (Cast)
ක්රීඩාවේදී අපට හුරුපුරුදු වූ ජපාන ශිල්පීන් පිරිසම මෙහි චරිත සඳහා නැවතත් පණ පොවනු ලබයි:
*Sekiro: Daisuke Namikawa
*Kuro: Miyuki Satō
*Genichiro Ashina: Kenjirō Tsuda
*Sculptor: Jin Urayama
*Emma: Shizuka Itô
*Owl: Takaya Hashi
*Isshin Ashina: Tetsuo Kanao
🛠️ නිෂ්පාදන මණ්ඩලය
*අධ්යක්ෂණය: Kenichi Kutsuna
*තිර රචනය: Takuya Satou
*චරිත නිර්මාණය: Takahiro Kishida (Durarara!!)
*සංගීතය: Shūta Hasunuma
සාරාංශය: 1500 පසුභාගයේ සෙන්ගොකු යුගයේ ජපානය පසුබිම් කරගත් මෙහි, එක් අතක් අහිමි සටන්කාමියෙකු තම ස්වාමියා බේරා ගැනීමට සහ ගෞරවය නැවත ලබා ගැනීමට කරන ලෙයින් පිරි සටන මනාව නිරූපණය කෙරේ.

Discussion & Feedback