ලෝක ප්රකට Xbox සමාගම මේ වන විට එහි ඉතිහාසයේ සිදු වූ විශාලතම ප්රතිව්යුහගත කිරීම ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව, සේවකයින් 3,200කට විතර රැකියා අහිමි වීමේ කනගාටුදායක තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේ ගැන අදහස් දක්වපු Xbox ප්රධාන විධායක නිලධාරිනී ආශා ෂර්මා පවසන්නේ, වර්තමානයේ සමාගමේ ව්යාපාරික තත්ත්වය එතරම් යහපත් මට්ටමක නැති බවයි. මේ කප්පාදුවෙන් සේවකයින් 1,600ක් වහාම සේවයෙන් ඉවත් කෙරෙන අතර, ඉතිරි පිරිස 2027 වසර අවසන් වන විට ඉවත් කිරීමට නියමිතයි. ඒ වගේම, Xbox ආයතනයට අයත් වීඩියෝ ක්රීඩා චිත්රාගාර හතරක් ද වසා දැමීමට තීරණය කරලා තියෙනවා.
මේ තීරණයට ප්රධාන හේතුව වෙලා තියෙන්නේ වීඩියෝ ක්රීඩා ක්ෂේත්රයේ සිදුවෙමින් පවතින වේගවත් වෙනස්කම් සහ දෘඩාංග අලෙවියේ පවතින බරපතළ අර්බුදයයි. තරඟකාරී ආයතනවලට සාපේක්ෂව Xbox සමාගමේ ලාභාංශ මට්ටම ඉතා පහළ අගයක පවතින බවත්, බලාපොරොත්තු වුණු තරම් වේගයකින් සමාගමේ වර්ධනය සිදු නොවූ බවත් ඇය පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, මේ තීරණය සේවකයින්ගේ දක්ෂතාවයට හෝ කැපවීමට එරෙහිව ගත් එකක් නොවන බවත්, සමාගමේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ගත් අසීරු පියවරක් බවත් ඇය අවධාරණය කරනවා. ඉදිරියේදී සමාගමේ මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම කරමින්, නව කළමනාකරණ ව්යුහයක් හරහා නැවත ගොඩනැගීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback