ලෝක ප්රසිද්ධ ඇමරිකානු සංගීතඥයෙක් සහ හාස්ය රංගන ශිල්පියෙක් වන ‘වර්ඩ් ඇල් යැන්කොවික්’ මෑතකදී හෙළි කළා ඔහුට සෞදි අරාබියේ පැවති රියාද් කොමඩි ෆෙස්ටිවල් එකේ රඟපාන්න විශාල මුදලක් පිරිනැමුවත් ඔහු එය ප්රතික්ෂේප කළ බව. ඔහුට මේ සඳහා ලැබුණු මුදල ඇමරිකානු ඩොලර් මිලියනයකට වඩා වැඩි, එනම් රුපියල් කෝටි ගණනක විශාල මුදලක්. නමුත් ඔහු පවසන්නේ මේ මුදල තමන්ගේ ජීවිතයේ මෙතෙක් ලැබුණු වැඩිම මුදල වුණත්, ඒ මුදල ලබාගැනීම තමන්ට ඉතාමත් අපහසු සහ අප්රසන්න හැඟීමක් ඇති කළ බවයි. සෞදි අරාබියේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ විවිධ මතභේදාත්මක සිදුවීම් නිසා එරටින් මුදල් ලබාගෙන රඟපෑමට තමන්ට සිතක් නොතිබූ බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
මෙම ප්රසංගය සඳහා කෙවින් හාර්ට්, ඩේව් චැපල් සහ ලුවී සී.කේ වැනි ලෝක ප්රසිද්ධ තවත් බොහෝ හාස්ය රංගන ශිල්පීන් සහභාගී වුණා. ඔවුන්ට ලැබුණු මුදල් ගැන හෝ ඔවුන් ගත් තීරණ ගැන තමන් විවේචනයක් නොකරන බවත්, නමුත් තමන්ට සිතට එකඟව වැඩ කිරීමට අවශ්ය නිසා මෙවැනි දීමනා ප්රතික්ෂේප කරන බවත් ඔහු සඳහන් කරනවා. ඇත්තටම තමන්ට සිතට අපහසුවක් නොදැනෙන වැඩවලින් මුදල් උපයන්න ලැබෙනවා නම් කොච්චර හොඳද කියලත් ඔහු විහිළුවෙන් වගේ පවසනවා. කෙසේ වෙතත්, ඔහුගේ මේ අවංක තීරණය බොහෝ දෙනාගේ පැසසුමට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback