හොලිවුඩයේ ජනප්රිය නළු මයිකල් බී ජෝර්ඩන් අධ්යක්ෂණය කරන අලුත්ම චිත්රපටය වන ‘ද තෝමස් ක්රවුන් ඇෆෙයාර්’ (The Thomas Crown Affair) හි පළමු ට්රේලරය මේ වන විට අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා. මේක පරණ චිත්රපටයක නැවත නිර්මාණයක් විතරක්ම නෙවෙයි, ඒ කතාව අලුත් විදියකට හිතලා කරපු ‘රී-ඉමැජිනේෂන්’ එකක් කියලා තමයි ජෝර්ඩන් කියන්නේ. මේ චිත්රපටයේ ප්රධාන චරිතය විදියටත් රඟපාන්නේ ජෝර්ඩන්මයි. ඔහු මෙහි රඟපාන්නේ ඉතා දක්ෂ, කපටි කලා නිර්මාණ සොරාගන්නා කෙනෙක් විදියට. ඔහුට අභියෝග කරන රක්ෂණ විමර්ශකවරියගේ චරිතයට පණ පොවන්නේ ඇඩ්රියා ආර්ජෝනා. මේ දෙන්නා අතර තියෙන බළල්-මී අරගලය වගේම ඔවුන් අතර ඇතිවෙන ආදර කතාවත් මේ චිත්රපටයේ ලොකු තැනක් ගන්නවා.
කතාවේ තියෙන විශේෂත්වය තමයි, මෙවර ජෝර්ඩන්ගේ චරිතයට පෞද්ගලික පළිගැනීමක් වෙනුවෙන් ලොකු මෙහෙයුමක් තියෙනවා. මේ සඳහා ඔහුට එරෙහිව කෙනත් බ්රනා රංගනයෙන් දායක වෙනවා. චිත්රපටයේ සංගීත අධ්යක්ෂණය කරන්නේ ඔස්කාර් සම්මානලාභී ජෝන් බැටිස්ට් විසින්. මේ චිත්රපටය 2027 මාර්තු 5 වැනිදා ලොව පුරා තිරගත වෙන්න නියමිතයි. කෙනත් බ්රනාට අමතරව ලිලී ග්ලැඩ්ස්ටෝන්, ඩනායි ගුරිරා වගේ ප්රවීණ නළු නිළියන් රැසක්ම මේ සඳහා එකතු වෙලා ඉන්නවා. ඉතින්, මේ වසරේ බලාපොරොත්තු තියාගන්න පුළුවන් සුපිරිම චිත්රපටයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

Discussion & Feedback