අභ්යවකාශ තාක්ෂණ ලෝකයේ අලුත්ම ආරංචිය තමයි SpaceX සමාගමේ ෆැල්කන් 9 රොකට්ටුව 36 වැනි වතාවටත් අභ්යවකාශගත කිරීමට සූදානම් වීම. මේක ඇත්තටම වාර්තාගත සිදුවීමක්. ජූලි 9 වැනිදා අලුයම ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් අභ්යවකාශ මධ්යස්ථානයෙන් මේ රොකට්ටුව අභ්යවකාශයට යවන්න නියමිතයි. මේ මෙහෙයුම හරහා ස්ටාර්ලින්ක් බ්රෝඩ්බෑන්ඩ් චන්ද්රිකා 29ක් පෘථිවි කක්ෂයට යවන්න SpaceX සමාගම බලාපොරොත්තු වෙනවා. ඔබටත් මේ දර්ශනය SpaceX වෙබ් අඩවිය හරහා සජීවීව නරඹන්න පුළුවන්.
මේ සඳහා යොදාගන්නා ‘1067’ ලෙස නම් කර ඇති රොකට් බූස්ටරය දැනටමත් මෙහෙයුම් 35ක් සාර්ථකව නිම කරලා තියෙනවා. ඒ වගේම මේ ගමනින් පස්සේ මිනිත්තු 8.5කට පස්සේ නැවතත් පෘථිවියට පැමිණ අත්ලාන්තික් සාගරයේ තිබෙන විශේෂ යාත්රාවක් මත ගොඩබෑමට නියමිතයි. මේ වසරේ පමණක් ෆැල්කන් 9 රොකට්ටුව යොදාගෙන සිදුකරන 80 වැනි මෙහෙයුම මෙයයි. දැනටමත් පෘථිවි කක්ෂයේ ස්ටාර්ලින්ක් චන්ද්රිකා 10,700කට වඩා ක්රියාත්මක වෙනවා. අභ්යවකාශ තාක්ෂණයේ මේ දියුණුව ඇත්තටම පුදුම හිතෙන කාරණයක් නේද?

Discussion & Feedback