එක්සත් රාජධානියේ ප්රධාන පෙළේ සන්නිවේදන සමාගමක් වන VodafoneThree විසින් ඔක්තෝබර් මාසයේදී අලුත්ම ‘Vodafone TV’ සේවාව හඳුන්වා දීමට සූදානම් වෙනවා. මේ සේවාව හරහා Netflix, HBO Max වැනි ජනප්රිය ස්ට්රීමින් සේවා සහ සජීවී නාලිකා සියල්ලම එකම පැකේජයකට ගොනු කරලා තියෙනවා. මේ සඳහා විශේෂිත වූ සෙට්-ටොප් බොක්ස් එකක් භාවිතා කරන්න සිද්ධ වෙන අතර, පාරිභෝගිකයන්ට තමන්ගේ ප්රියතම වැඩසටහන් නිවසේදී වගේම ජංගම දුරකථනය හරහා ඕනෑම තැනකදී නැරඹීමේ පහසුකමත් ලැබෙනවා.
මූලික පැකේජයට අමතරව Disney+, YouTube Premium, සහ Prime Video වැනි සේවාවන් අවශ්ය පරිදි මසින් මසට දායක වී ලබා ගැනීමේ හැකියාවත් මෙහි තියෙනවා. ඒ වගේම Freely සේවාව හරහා සාම්ප්රදායික නාලිකා සහ on-demand වැඩසටහන් නැරඹීමටත්, Vodafone Box Office හරහා නවතම චිත්රපට මිලදී ගැනීමටත් පාරිභෝගිකයන්ට පුළුවන්. මේ සේවාව මගින් සජීවී රූපවාහිනී වැඩසටහන්, චිත්රපට, සංගීතය සහ Google Play Store හි ඇති සියලුම ඇප්ස් එකම වේදිකාවකට ගෙන ඒම ඔවුන්ගේ අරමුණයි.
එක්සත් රාජධානියේ පවතින Sky සහ Virgin වැනි සාම්ප්රදායික රූපවාහිනී සේවාවන්ට ප්රබල තරඟයක් ලබාදීමට VodafoneThree බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ජීවන වියදම ඉහළ ගොස් ඇති වත්මන් කාලයේ, වෙන වෙනම ස්ට්රීමින් සේවා සඳහා මුදල් ගෙවනවාට වඩා මෙවැනි ඒකාබද්ධ පැකේජයක් පාරිභෝගිකයන්ට ලොකු සහනයක් වේවි. මේ සේවාවේ මිල ගණන් පිළිබඳ වැඩි විස්තර ඉදිරියේදී දැනගන්න ලැබෙනු ඇත.

Discussion & Feedback