ඇමරිකානු අභ්‍යවකාශ බලකාය (US Space Force) මේ වන විට අභ්‍යවකාශයේ ක්‍රියාත්මක වන ආයුධ පද්ධති තමන් සතු බව ප්‍රසිද්ධියේ පිළිගෙන තිබෙනවා. මේ බව අනාවරණය කළේ අභ්‍යවකාශ මෙහෙයුම් ප්‍රධානී ජෙනරාල් ඩග්ලස් ෂීස් විසින්. ඔහු පවසන විදිහට, මේ ආයුධවල ප්‍රධාන අරමුණ වෙන්නේ ඇමරිකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ සතුරු ප්‍රහාරවලින් ආරක්ෂා වීමයි. අභ්‍යවකාශය කියන්නේ අද වන විට ලෝකයේ ප්‍රධානම යුද පිටියක් බවට පත්වෙලා. චීනය සහ රුසියාව වැනි රටවල් අභ්‍යවකාශයේදී ඇමරිකාවේ බලය අභියෝගයට ලක් කරන නිසා, තමන්ගේ චන්ද්‍රිකා සහ සන්නිවේදන පද්ධති ආරක්ෂා කරගන්න මේ පියවර අත්‍යවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
කෙසේ වෙතත්, මේ ආයුධ මොන වගේ ඒවාද, ඒවා කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද කියන විස්තර ගැන නම් ඇමරිකාව තවමත් කිසිවක් හෙළි කරලා නැහැ. නමුත් මේ වගේ ආයුධ අභ්‍යවකාශයේ තියෙනවා කියලා පිළිගැනීමම ලොකු කාරණයක්. දැනටමත් ඇමරිකාව SpaceX සහ Boeing වැනි සමාගම් එක්ක එකතු වෙලා අභ්‍යවකාශ ආරක්ෂක පද්ධති සඳහා විශාල මුදලක් වැය කරනවා. විශේෂයෙන්ම හදිසි තර්ජනයක් ආවොත් පැය කිහිපයක් ඇතුළත ප්‍රතිචාර දක්වන්න පුළුවන් විදිහට ඔවුන් දැන් සූදානම් වෙලා ඉන්නේ. අභ්‍යවකාශය කියන්නේ දැන් නිකම්ම නිකම් ගවේෂණ කලාපයක් නෙවෙයි, එය රටවල් අතර බල අරගලයක් පවතින තීරණාත්මක යුද පෙරමුණක් බවට පත්වෙලා ඉවරයි.

Discussion & Feedback