ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් අභ්යවකාශ ගමන් සම්බන්ධයෙන් නව ප්රතිපත්තියක් අත්සන් කර තිබෙනවා. මේ හරහා 2030 වසර වන විට වසරකට රොකට් දහසකට වඩා වැඩි ප්රමාණයක් අභ්යවකාශයට යැවීමට අවශ්ය පහසුකම් සහ යටිතල පහසුකම් දියුණු කිරීමට ඇමරිකාව බලාපොරොත්තු වෙනවා. 2013 වසරෙන් පසුව අභ්යවකාශ ප්රතිපත්තියක් මෙලෙස යාවත්කාලීන කළ පළමු අවස්ථාව මෙයයි. SpaceX වැනි පෞද්ගලික සමාගම්වල දියුණුවත් සමඟ අභ්යවකාශ ගමන්වල වේගය පසුගිය වසර කිහිපය තුළ විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.
මෙම නව සැලැස්ම යටතේ නාසා ආයතනය, ප්රවාහන දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව නව රොකට් දියත් කිරීමේ මධ්යස්ථාන සහ ගොඩබෑමේ ස්ථාන හඳුනා ගැනීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කරමින් රොකට් දියත් කිරීමේ ක්රියාවලිය වේගවත් කිරීම මෙහි ප්රධාන අරමුණක්. මේ වන විටත් SpaceX සමාගම සිය ස්ටාර්ෂිප් රොකට් හරහා දිනකට ගුවන් ගමන් 30ක් පමණ සිදු කිරීමට සැලසුම් කරමින් සිටිනවා. මෙය ඇමරිකාවේ ඉලක්කයට වඩා බොහෝ ඉදිරියෙන් සිටින අභිලාෂයක්.
එපමණක් නොවෙයි, ජාතික ආරක්ෂාව සහ අභ්යවකාශ මෙහෙයුම් සඳහා පෞද්ගලික අංශයේ සහයෝගය තවදුරටත් ලබා ගැනීමටත්, අභ්යවකාශයේදී භාණ්ඩ ප්රවාහනය සහ නඩත්තු කටයුතු සඳහා නව ක්රමවේද හඳුන්වා දීමටත් මෙම ප්රතිපත්තිය මගින් මග පෑදෙනවා. අභ්යවකාශ තරඟයේදී ඇමරිකාව තවදුරටත් පෙරමුණ ගැනීමට මෙම පියවර ඉතා වැදගත් වනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.

Discussion & Feedback