නිව්යෝර්ක් නුවර අහස උසට තිබෙන සුඛෝපභෝගී ගොඩනැගිල්ලක ගෘහ සේවිකාවක් විදිහට වැඩට යන කාන්තාවකට මුහුණ දෙන්න වෙන්නේ හිතාගන්නවත් බැරි අමුතුම අත්දැකීමකට. ඇය මේ රස්සාවට යන්නේ කිසිම දෙයක් නොදැන වුණත්, ටික දවසක් යද්දී ඇයට තේරුම් යනවා මේ ගොඩනැගිල්ල ඇතුළේ මොකක්දෝ බරපතල අභිරහසක් තියෙනවා කියලා. ඇය වැඩ කරන මේ ගොඩනැගිල්ලේ කලින් හිටපු ගොඩක් අය හදිසියේම අතුරුදහන් වෙලා තියෙනවා කියන කතාව ඇයට ආරංචි වෙන්නේ පස්සේ. මේ සිද්ධියත් එක්ක ඇය ලොකු බියකරු අත්දැකීමකට මුහුණ දෙනවා.
මේ ගොඩනැගිල්ලේ ඉන්න අනිත් අය හැසිරෙන විදිහත්, ඒ පරිසරය ඇතුළේ තියෙන අමුතු නිහඬතාවයත් ඇයව තවත් සැකයට ලක් කරනවා. ඇයට නිතරම දැනෙන්නේ කවුරුහරි ඇයව නිරීක්ෂණය කරනවා වගේ හැඟීමක්. මේ ගොඩනැගිල්ලේ තියෙන අඳුරු ඉතිහාසය සහ අතුරුදහන් වුණු මිනිස්සු ගැන හොයන්න ගියාම ඇයට තේරුම් යනවා ඇයත් ඉන්නේ ලොකු අනතුරක කියලා. “ඔවුන් ඔයාව මරාවි” කියන අනතුරු ඇඟවීමත් එක්ක ඇය මේ අභිරහස් ගොඩනැගිල්ලෙන් බේරිලා යන්න දඟලන හැටි තමයි මේ කතාවෙන් දිගහැරෙන්නේ. ඇත්තටම මේ ගොඩනැගිල්ල ඇතුළේ සිද්ධ වෙන්නේ මොකක්ද? අතුරුදහන් වුණු අයට මොකද වුණේ? මේ දේවල් දැනගන්න නම් මේ අභිරහස් කතාව දිගටම බලන්නම වෙනවා.

Discussion & Feedback