ලොව පුරා ඉමහත් ජනප්රියත්වයට පත් ‘The Office’ කතා මාලාවේ රසිකයන්ට සතුටුදායක ආරංචියක් ලැබිලා තියෙනවා. මේ කතා මාලාවේ සියලුම කථාංග ඇතුළත් ‘The Office: The Complete Series – Superfan Extended Episodes’ නමින් විශේෂ Blu-ray එකතුවක් එළඹෙන ජූලි 14 වැනිදා නිකුත් වෙන්න නියමිතයි. මේ එකතුව තුළ කතා මාලාවේ කන්න 9ම ඇතුළත් වන අතර, මීට පෙර කිසිදා විකාශය නොවූ පැය 25කට වඩා වැඩි දර්ශන ප්රමාණයක් මෙයට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. යුනිවර්සල් පික්චර්ස් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද මෙම තැටි 30කින් සමන්විත කට්ටලය, රසිකයන්ට අලුත් අත්දැකීමක් ලබා දෙනු නොඅනුමානයි.
මයිකල් ස්කොට්, ඩ්වයිට් ෂෘට් සහ ජිම් හැල්පර්ට් වැනි අපේ ආදරණීය චරිතවල දෛනික වැඩපොළේ විනෝදජනක සිදුවීම් අලුත් විදියකට නැරඹීමට දැන් ඔබට අවස්ථාව ලැබෙනවා. ග්රෙග් ඩැනියෙල්ස් සහ ඔහුගේ නිර්මාණ කණ්ඩායම විසින් සෑම කථාංගයක්ම නැවත සකස් කර, මීට පෙර විකාශය නොවූ කොටස් ද මුල් කථාංග සමඟ බද්ධ කර තිබෙනවා. 1080p ගුණාත්මක භාවයෙන් සහ DTS-HD Master Audio 5.1 ශබ්ද පද්ධතියකින් සමන්විත මෙම Blu-ray කට්ටලය දැනට ඇමසන් වෙබ් අඩවිය හරහා ඩොලර් 69.99ක මුදලකට පෙර ඇණවුම් කිරීමට පුළුවන්. ඔබත් ‘The Office’ රසිකයෙක් නම්, මේ අපූරු එකතුව ඔබේ එකතුවට එකතු කරගන්න අමතක කරන්න එපා.

Discussion & Feedback