මේ ජූලි 11 වෙනිදා අලුයම කාලයේදී අහසේ ඉතාමත් සුන්දර දර්ශනයක් දකින්න ලැබෙනවා. එදින අලුයම නැගෙනහිර දෙසින් සඳ, අඟහරු ග්රහයා, ඇල්ඩෙබරන් තාරකාව සහ ප්ලෙයඩීස් තරු පොකුර එක පෙළට පෙළගැසෙන අපූරු දර්ශනයක් අහසේ මැවෙනවා. සඳ දෙස බලන විට එය ඉතා සිහින් අඩ සඳක් ලෙස දිස්වන අතර, පෘථිවියෙන් පරාවර්තනය වන ආලෝකය නිසා සඳේ අඳුරු කොටස පවා ඉතා සියුම්ව බලාගන්න පුළුවන්. මෙය ලියනාඩෝ ඩා වින්චි විසින් මුලින්ම හඳුනාගත් ‘අර්ත්ෂයින්’ (Earthshine) ලෙස හඳුන්වන ඉතාමත් ආකර්ෂණීය ස්වාභාවික සංසිද්ධියක්.
මෙම පෙළගැස්මේදී සඳට මදක් පහළින් සහ දකුණට වන්නට තැඹිලි පැහැයෙන් දිලිසෙන අඟහරු ග්රහයා ඔබට පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. ඊටත් පහළින් රතු පැහැයට හුරු දීප්තිමත් ඇල්ඩෙබරන් තාරකාව පිහිටා තිබෙනවා. මෙය වෘෂභ රාශියේ (Taurus) ඇස ලෙස සැලකෙන ඉතා විශාල රතු යෝධ තාරකාවක්. මේ සියල්ලටම අමතරව අහසේ දිලිසෙන ප්ලෙයඩීස් තරු පොකුරත් එකතු වුණාම අහස ඇත්තටම මැණික් ඔබ්බවූ ආභරණයක් වගේ ලස්සන වෙනවා. ඔබත් අභ්යවකාශයේ මේ සුන්දරත්වය අත්විඳින්න කැමති නම්, ජූලි 11 අලුයම 2.00ත් 4.00ත් අතර කාලයේදී නැගෙනහිර අහස දෙස හොඳින් නිරීක්ෂණය කරන්න අමතක කරන්න එපා. බයිනොකියුලර් එකක් තිබෙනවා නම් මේ දර්ශනය තවත් පැහැදිලිව බලාගන්න පුළුවන්.

Discussion & Feedback