ජනප්රිය නළු ඩේවිඩ් බොරියානස් රංගනයෙන් දායක වුණු ‘SEAL Team’ හමුදාමය කතාමාලාව අවසන් වීමෙන් පසුව, ඒ වෙනුවට ආදේශකයක් ලෙස ප්රේක්ෂකයන් අතරට එන නවතම කතාමාලාව ගැන මේ දිනවල ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. ‘Yellowstone’ වැනි දැවැන්ත නිර්මාණ හරහා ලෝක ප්රසිද්ධ වුණු ටේලර් ෂෙරිඩන්ගේ ‘Lioness’ කතාමාලාව තමයි මේ සඳහා වැඩිපුරම ඉඩකඩ තියෙන්නේ. හමුදාමය පසුබිමක සිදුවන මෙවැනි ක්රියාදාම කතාමාලාවලට ප්රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්රතිචාර ඉතාම ඉහළයි. ඒ නිසාම ‘Lioness’ ඉදිරි කාලයේදී තවත් ජනප්රිය වනු ඇති බවටයි විචාරකයින් පවසන්නේ.
‘Lioness’ කතාමාලාව නිකොල් කිඩ්මන් සහ සෝයි සල්ඩානා වැනි ප්රවීණ රංගන ශිල්පිනියන්ගේ රංගනයෙන් හැඩවෙන අතර, එය CIA ඔත්තු සේවයේ රහසිගත මෙහෙයුම් වටා ගෙතී තිබෙනවා. විශේෂයෙන්ම ත්රස්තවාදී සංවිධානවලට රිංගා යන කාන්තා ඔත්තුකරුවන්ගේ ජීවිත සහ ඔවුන් මුහුණ දෙන අභියෝග ඉතාම තියුණු ලෙස මෙහිදී දැකගන්න පුළුවන්. තුන්වන කන්නය වන විට මෙම කතාමාලාව වඩාත් සංකීර්ණ සහ අනපේක්ෂිත කතා තේමාවන් ඔස්සේ ඉදිරියට යන නිසා, එය ‘SEAL Team’ හි හිඩැස සම්පූර්ණයෙන්ම පුරවනු ඇති බවයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ. ටේලර් ෂෙරිඩන්ගේ නිර්මාණ හැකියාවත් එක්ක මේ කතාමාලාව ඉදිරියේදී තවත් බොහෝ කාලයක් ප්රේක්ෂකයන් අතර රැඳී පවතිනු නොඅනුමානයි.

Discussion & Feedback