ටේලර් ෂෙරිඩන්ගේ සුප්රසිද්ධ ‘Lioness’ කතා මාලාව හරහා ප්රේක්ෂක ආදරය දිනාගත් තරුණ නිළි සෙලෙස්ටිනා හැරිස්, නෙට්ෆ්ලික්ස් හි ජනප්රියම ළමා කතා මාලාවක් වන ‘Gabby’s Dollhouse’ හි 14 වැනි කතා සමය සඳහා සම්බන්ධ වෙන්න තීරණය කරලා තියෙනවා. ඇය මේ කතා මාලාවේ ප්රධාන චරිතය වන ගැබීගේ බාල සොහොයුරිය වන ‘ඩූසි’ (Doozie) ගේ චරිතයට හඬ දායකත්වය ලබා දෙනවා. මීට පෙර 2025 වසරේ තිරගත වුණු ‘Gabby’s Dollhouse: The Movie’ චිත්රපටයේදී ගැබීට බාල සොහොයුරියක් ඉන්නා බව හෙළි වුණත්, ඇය කවුද කියන එක ගැන මෙතෙක් කිසිම තොරතුරක් තිබුණේ නැහැ. ඉතින් මේ අලුත් චරිතය හරහා කතාවට අලුත් ජවයක් සහ විනෝදයක් එකතු වෙයි කියලා තමයි නිෂ්පාදකවරුන් බලාපොරොත්තු වෙන්නේ.
සෙලෙස්ටිනා හැරිස් කියන විදිහට, ඇය රඟපාන මේ ඩූසි කියන චරිතය සත්තුන්ට ගොඩක් ආදරේ කරන, හරිම ජවසම්පන්න චරිතයක්. ඇය තමන්ගේ ‘Lioness’ චරිතයට වඩා මේ චරිතය ගොඩක් වෙනස් සහ විනෝදජනක එකක් කියලා තමයි පවසන්නේ. 2021 වසරේ ඉඳන් නෙට්ෆ්ලික්ස් හරහා විකාශය වෙන ‘Gabby’s Dollhouse’ කතා මාලාව දැනටමත් කතා සමයන් 13ක් පුරා සාර්ථකව ගමන් කරලා තියෙනවා. ඉතින් මේ අලුත් එකතු වීමත් එක්ක, ගැබී සහ ඩූසිගේ මේ අලුත් වික්රමාන්විතයන් බලන්න පුංචි දරුවෝ වගේම ලොකු අයත් ගොඩක් ආසාවෙන් ඉන්නවා කියලා අපිට බලාගන්න පුළුවන්.

Discussion & Feedback