සූර්යයාගේ මතුපිට ඇති AR4479 නම් සූර්ය ලපයෙන් පසුගියදා ඉතා ප්රබල X-class වර්ගයේ සූර්ය ගිනිදැල් පිපිරීමක් සිදුවුණා. මේ නිසා උතුරු ඇමරිකාවේ ඇතැම් ප්රදේශවල ගුවන් විදුලි සන්නිවේදන පද්ධතිවලට තාවකාලික බාධා ඇති වුණා. මේ පිපිරීමත් එක්කම සූර්ය ප්ලාස්මා වලාකුළක් හෙවත් CME එකක් අභ්යවකාශයට මුදා හැරුණු අතර, ඒක පෘථිවිය දෙසට ගමන් කරන බව විද්යාඥයන් තහවුරු කරගෙන තියෙනවා. මේ නිසා ජූලි 3 වැනිදා වන විට පෘථිවියට මධ්යස්ථ මට්ටමේ භූ චුම්භක කුණාටුවක් ඇතිවීමේ අවදානමක් පවතිනවා.
මේ සිදුවීම නිසා පෘථිවියේ චුම්භක ක්ෂේත්රයේ වෙනස්කම් සිදුවෙලා, උතුරු අර්ධගෝලයේ රටවල අහසේ ඉතා දර්ශනීය ‘උතුරු ආලෝක’ (Northern Lights) දැකගන්න පුළුවන් වෙයි කියලා විද්යාඥයන් බලාපොරොත්තු වෙනවා. ඇමරිකාවේ නිව්යෝර්ක් සහ අයිඩාහෝ වැනි ප්රාන්තවල අයට මේ දර්ශනය හොඳින්ම බලාගන්න පුළුවන් වෙයි. ජූලි 4 වැනිදාට යෙදෙන නිවාඩු දින සතියේ මේ ස්වභාවික ආලෝක සංදර්ශනය අහසේ දැකගන්න ලැබීම ඇත්තටම අපූරු අත්දැකීමක් වේවි.
සූර්ය ගිනිදැල් කියන්නේ සූර්යයාගේ චුම්භක ක්ෂේත්රවල සිදුවන හදිසි වෙනස්කම් නිසා ඇතිවන ශක්ති විමෝචනයක්. මේවා පෘථිවියට බලපාන ආකාරය අනුව අපේ සන්නිවේදන පද්ධතිවලට සහ චන්ද්රිකාවලට යම් යම් බලපෑම් ඇතිවෙන්න පුළුවන්. කෙසේ වෙතත්, මේ දිනවල අහස නිරීක්ෂණය කරන අයට නම් ඉතාමත් සුන්දර දර්ශනයක් දැකගන්න ලැබෙනු ඇති බවයි විද්යාඥයන් පවසන්නේ.

Discussion & Feedback