ජනප්රිය ‘බිග් බැං තියරි’ කතා මාලාවේ රසිකයන්ට සතුටුදායක ආරංචියක් ලැබිලා තියෙනවා. ඒ තමයි එම කතා මාලාවේ එන කොමික් පොත් සාප්පු හිමියා වන ස්ටුවර්ට් බ්ලූම්ව කේන්ද්ර කරගෙන නිර්මාණය වුණු ‘Stuart Fails to Save the Universe’ නවතම කතා මාලාව දැන් ප්රේක්ෂකයන්ට දැකගන්න පුළුවන් වීම. මේ ගැන අදහස් දක්වපු කතා මාලාවේ සම නිර්මාතෘ චක් ලෝරි කියන්නේ, ස්ටුවර්ට් වගේ සාමාන්ය චරිතයක් මේ වගේ ලොකු වගකීමකට තෝරා ගැනීම මුලින්ම පෙනුණේ ‘වැරදිම තේරීම’ විදිහට වුණත්, ඇත්තටම ඒක තමයි මේ කතාවට ගැලපෙනම දේ කියලා. කවුරුත් බලාපොරොත්තු නොවෙන කෙනෙක් ලෝකය බේරගන්න යන එක තමයි මේ කතාවේ තියෙන විශේෂත්වය.
මේ චරිතයට පණ පොවන කෙවින් සුස්මන් කියන්නේ ඇත්තටම දක්ෂ නළුවෙක්. ඔහු මේ වගේ ප්රධාන චරිතයක් ලැබෙයි කියලා කවදාවත් හිතුවේ නැති බවත් මාධ්ය හමුවේ පවසා තිබුණා. මේ අලුත්ම කතාවේදී ස්ටුවර්ට් අතින් අත්වැරදීමකින් ෂෙල්ඩන් සහ ලෙනාඩ් නිර්මාණය කරපු උපකරණයකට හානි වෙනවා. ඒ නිසා ඇතිවෙන බහු විශ්වීය ව්යසනයක් (multiverse armageddon) වළක්වා ගන්න තමයි ස්ටුවර්ට්ට සිද්ධ වෙන්නේ. මේ ගමනේදී ඔහුට තමන්ගේ යාළුවන් වන බර්ට්, ඩෙනිස් සහ ක්රිප්කේ එක්ක එකතු වෙලා විවිධ විශ්වයන් හරහා යන අමුතුම වික්රමයකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් බිග් බැං තියරි රසිකයන්ට මේ අලුත්ම අත්දැකීම HBO Max හරහා දැන් රසවිඳින්න පුළුවන්.

Discussion & Feedback