අභ්යවකාශ විද්යාඥයන් විසින් ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය භාවිත කරලා මියගිය තරුවක් වටා භ්රමණය වන අමුතුම ආකාරයේ ග්රහලොවක් සොයාගෙන තියෙනවා. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 80ක් දුරින් පිහිටි මේ සුදු වාමන තරුව (White Dwarf) වටා ගමන් කරන ‘WD 1856 b’ නම් මේ ග්රහලොව, මීට වසර බිලියන 6කට පස්සේ අපේ සූර්යයා මියගියාට පස්සේ සෞරග්රහ මණ්ඩලය කොයි වගේ වෙයිද කියන එක ගැන අපිට ඉඟියක් ලබා දෙනවා. සාමාන්යයෙන් තරුවක් මියයනකොට රතු යෝධයෙක් බවට පත්වෙලා අවට තියෙන ග්රහලෝක ගිලගත්තත්, මේ පද්ධතියේ ග්රහලොවක් තවමත් නොනැසී පවතින්නේ කොහොමද කියන එක විද්යාඥයන්ට ලොකු ප්රහේලිකාවක් වෙලා තියෙනවා.
මේ ග්රහලොව බ්රහස්පති තරම් විශාල වුණත්, එය කක්ෂගත වෙලා ඉන්නේ පෘථිවිය තරම් කුඩා සුදු වාමන තරුවක් වටායි. මේක ඇත්තටම හරිම පුදුම සහගතයි. පර්යේෂකයන් කියන විදිහට මේ ග්රහලොව බලාපොරොත්තු වුණාට වඩා ගොඩක් උණුසුම්. ඒ වගේම මේ ග්රහලොව තරුවට මෙච්චර ළඟින් ගමන් කරන්නේ කොහොමද කියන එක ගැන විද්යාඥයන් මත දෙකක් දරනවා. සමහරවිට තරුව මියයන අතරතුර මේ ග්රහලොව තරුව ඇතුළට ගිලී පසුව බේරෙන්න ඇති, නැත්නම් වෙනත් ග්රහලෝකවල ගුරුත්වාකර්ෂණ බලපෑම නිසා මේ කක්ෂයට ඇදෙන්න ඇති කියලා ඔවුන් විශ්වාස කරනවා. කොහොම වුණත්, මේ සොයාගැනීමෙන් පේන්නේ තරුවක මරණය කියන්නේ අභ්යවකාශයේ අවසානය නෙවෙයි, ඒ වටා තියෙන ග්රහලෝකවලටත් අලුත් ජීවයක් ලැබෙන්න පුළුවන් කියන එකයි.

Discussion & Feedback