ස්ටාර් වෝර්ස් රසිකයන් බොහෝ දෙනෙක් ආසාවෙන් බලාගෙන හිටපු ‘ද මැන්ඩලෝරියන් ඇන්ඩ් ග්රොගු’ (The Mandalorian and Grogu) චිත්රපටය නිවසේ සිටම නැරඹීමට හැකි වන දින වකවානු පිළිබඳව ඩිස්නි ආයතනය විසින් නිල වශයෙන් ප්රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව, මෙම චිත්රපටය මුලින්ම ඩිජිටල් මාධ්ය ඔස්සේ නැරඹීමට හෝ බාගත කර ගැනීමට 2026 ජූලි 21 වැනිදා සිට අවස්ථාව ලැබෙනවා. ඇපල් ටීවී සහ ප්රයිම් වීඩියෝ වැනි ප්රධාන වේදිකා හරහා ඩොලර් 29.99ක මුදලකට ඔබට මෙය පෙර ඇණවුම් කිරීමටත් හැකියාව තියෙනවා.
එමෙන්ම, චිත්රපටය බ්ලූ-රේ (Blu-ray) සහ 4K බ්ලූ-රේ තැටි ලෙස වෙළඳපොළට නිකුත් කරන්නේ 2026 අගෝස්තු 25 වැනිදා සිටයි. මෙහි විශේෂත්වය වන්නේ 4K ලිමිටඩ් එඩිෂන් ස්ටීල්බුක් එකක් සහ ඇමරිකාවට පමණක් සීමා වූ විශේෂ ‘බෙස්කාර් කලෙක්ටර්ස් එඩිෂන්’ (Beskar Collector’s Edition) එකක් ද නිකුත් කිරීමට නියමිත වීමයි. මෙම විශේෂ පැකේජය තුළ ලෝහමය පෝස්ටර් සහ අලංකාර ඇසුරුම් ඇතුළත් වන අතර, එය රසිකයන් අතර ඉතා ජනප්රිය වනු ඇතැයි අපේක්ෂා කරනවා. ඉතින්, ස්ටාර් වෝර්ස් ලෝලීන්ට තමන්ගේ ප්රියතම චිත්රපටය උසස් තත්ත්වයෙන් නිවසේදීම රසවිඳින්න තව වැඩි කාලයක් බලා ඉන්න වෙන්නේ නැහැ.

Discussion & Feedback