ඇමරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේ පිහිටි වැන්ඩන්බර්ග් අභ්යවකාශ බලකා කඳවුරේ සිට SpaceX සමාගම විසින් තවත් Starlink චන්ද්රිකා 24ක් අභ්යවකාශයට යැවීම අද සාර්ථකව සිදු කළා. මේ සඳහා යොදා ගත්තේ ෆැල්කන් 9 රොකට්ටුවක්. අන්තර්ජාල පහසුකම් ලොව පුරා ව්යාප්ත කිරීමේ අරමුණින් සිදු කරන මෙම මෙහෙයුම හරහා පෘථිවියට ආසන්න කක්ෂයකට මෙම චන්ද්රිකා යැවීම සිදු වුණා. දේශීය වේලාවෙන් උදෑසන 9:35ට පමණ මෙම රොකට්ටුව අභ්යවකාශගත කළ අතර, එය ඉතාමත් දර්ශනීය අත්දැකීමක් වුණා.
මෙම මෙහෙයුම සඳහා යොදාගත් ෆැල්කන් 9 රොකට්ටුවේ පළමු අදියර, දියත් කිරීමෙන් මිනිත්තු 8.5කට පසුව නැවත පෘථිවියට පැමිණ සාර්ථකව පැසිෆික් සාගරයේ තිබූ SpaceX ඩ්රෝන් නෞකාවක් මත ගොඩබෑමට සමත් වුණා. මෙය මෙම රොකට් කොටස භාවිත කළ 16 වන අවස්ථාව වීම විශේෂත්වයක්. මේ වන විට Starlink ජාලය ලොව විශාලතම චන්ද්රිකා ජාලය බවට පත්වෙලා ඉවරයි. දැනටමත් ක්රියාකාරී චන්ද්රිකා 10,900කට වඩා අභ්යවකාශයේ තිබෙන අතර, SpaceX සමාගම අඛණ්ඩව මෙම ජාලය තව තවත් පුළුල් කරමින් ඉන්නවා. මේ වසරේ පමණක් ඔවුන් මෙවැනි මෙහෙයුම් විශාල ප්රමාණයක් සාර්ථකව අවසන් කර තිබෙනවා.

Discussion & Feedback