හොලිවුඩ් සිනමාවේ ජනප්රිය නළු තාරොන් එගර්ටන් ප්රධාන චරිතයට පණ පොවන අලුත්ම ක්රියාදාම චිත්රපටය තමයි ‘She Rides Shotgun’. මේ චිත්රපටයේ කතාව ගෙතෙන්නේ නේට් කියන හිරෙන් නිදහස් වෙලා එන හිටපු සිරකරුවෙක් වටා. නේට් හිරෙන් එළියට ආවට පස්සේ එයාට තේරුම් යනවා එයාගේ පරණ සතුරෝ එයාගේ පස්සෙන් ඉන්නවා කියලා. මේ අතරේ තමයි එයාට අවුරුදු එකොළහක් වයසැති තමන්ගේ දුව පොලීව හම්බවෙන්නේ. ගොඩක් කාලෙකින් හම්බවෙන තාත්තා සහ දුව අතර තියෙන්නේ ටිකක් අමුතු සම්බන්ධයක්. මොකද පොලී එයාගේ තාත්තා ගැන එච්චර විශ්වාසයකින් නෙවෙයි ඉන්නේ.
මේ චිත්රපටයේදී නේට් සහ පොලීට සිද්ධ වෙනවා දූෂිත පොලිස් නිලධාරීන්ගෙන් සහ දරුණු අපරාධ කල්ලි නායකයෙක්ගෙන් බේරිලා පලා යන්න. තමන්ගේ දුවව ඕනෑම වියදමක් දරලා ආරක්ෂා කරගන්න නේට් ගන්නා උත්සාහය තමයි මේ කතාවේ ප්රධාන තැන ගන්නේ. ඇත්තටම මේක හරිම කුතුහලය පිරුණු, හැම තත්පරයක්ම හිතට දැනෙන විදියේ ක්රියාදාම චිත්රපටයක්. තාත්තා කෙනෙක් තමන්ගේ දුව වෙනුවෙන් කරන මේ අරගලය කොහොම අවසන් වෙයිද කියලා බලන්න ඔයාලටත් පුළුවන්. ක්රියාදාම චිත්රපටවලට ආස කරන අයට නම් මේක අනිවාර්යයෙන්ම මගහැරගන්න බැරි චිත්රපටයක් වෙයි.

Discussion & Feedback