හොල්මන් චිත්රපට ලෝකයේ අතිශය ජනප්රිය රංගන ශිල්පිනියක් වන සාරා මිෂෙල් ගෙලර් නැවතත් සිය ආධිපත්යය තහවුරු කරගනිමින් අලුත්ම චිත්රපටයකින් ප්රේක්ෂකයන් අතරට ඇවිත් තියෙනවා. ‘Ready or Not 2: Here I Come’ නමින් හැඳින්වෙන මෙම චිත්රපටය මේ වන විට ස්ට්රීමින් වේදිකාවල ලොකුම ජනප්රියත්වයක් ලබාගෙන ඉවරයි. 2019 වසරේ තිරගත වුණු පළමු චිත්රපටයේ සාර්ථකත්වයත් එක්කම, මේ අලුත්ම නිර්මාණයත් හුලු (Hulu) සහ ඩිස්නි ප්ලස් හරහා නිකුත් වුණාට පස්සේ ලෝකය පුරාම ඉහළම ප්රේක්ෂක ප්රතිචාර ලබමින් ඉන්නවා. ඇමරිකාව ඇතුළු රටවල් රැසක දින කිහිපයක් තිස්සේම වැඩිම පිරිසක් නරඹන චිත්රපටය බවට පත්වෙන්නත් මේකට පුළුවන් වෙලා තියෙනවා.
මේ චිත්රපටයේ ප්රධාන චරිතය විදිහට සමාරා වීවිං රංගනයෙන් දායක වෙන අතර, සාරා මිෂෙල් ගෙලර් ඇතුළු තවත් ප්රවීණ නළු නිළියන් රැසක් මෙහි දකින්න පුළුවන්. කතාව ගැන කියනවා නම්, ග්රේස් සහ ඇගේ සහෝදරියට නැවතත් මාරාන්තික සූදු ක්රීඩාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සිනමාහල්වලදී සාමාන්ය මට්ටමේ සාර්ථකත්වයක් ලැබුවත්, ස්ට්රීමින් වේදිකාවේ ලැබෙන මේ දැවැන්ත ජනප්රියත්වය නිසාම චිත්රපටයේ තුන්වන කොටසක් නිර්මාණය වීමේ ඉඩකඩකුත් දැන් නිර්මාණය වෙලා තියෙනවා. ඔබත් හොල්මන් චිත්රපටවලට කැමති කෙනෙක් නම්, මේ චිත්රපටය අනිවාර්යයෙන්ම නරඹන්න කියලා අපි ආරාධනා කරනවා.

Discussion & Feedback