හොලිවුඩ් සුපිරි නළු රයන් ගොස්ලින්ග් රංගනයෙන් දායක වන ‘Project Hail Mary’ චිත්රපටය මේ දිනවල ප්රයිම් වීඩියෝ (Prime Video) ඔස්සේ ලොව පුරා ප්රේක්ෂක ආකර්ෂණය දිනා ගනිමින් ඉහළම ජනප්රියත්වයක් ලබාගෙන තියෙනවා. ඇන්ඩි වීරගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය වුණු මේ චිත්රපටය පසුගිය ජූලි 3 වැනිදා ප්රයිම් වීඩියෝ වෙත එක්වීමත් සමඟම ෆින්ලන්තය, ජපානය, සිංගප්පූරුව සහ තායිලන්තය වැනි රටවල් රැසක අංක එකේ ස්ථානයට පත්වීමට සමත් වුණා. ඇමරිකාව සහ එංගලන්තය වැනි රටවලත් මෙය දෙවැනි ස්ථානයේ රැඳී සිටින අතර, චිත්රපටය නිකුත් වූ දා සිටම ලොව පුරා සිනමාහල්වලින් ඩොලර් මිලියන 683කට අධික ආදායමක් උපයා ගැනීමටත් එය සමත් වුණා.
මෙම චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ ෆිල් ලෝඩ් සහ ක්රිස්ටෝපර් මිලර් විසින්. මෙහි රයන් ගොස්ලින්ග් රඟපාන්නේ පාසල් විද්යා ගුරුවරයෙකු ලෙසින් මානව වර්ගයා බේරා ගැනීමට උත්සාහ කරන රයිලන්ඩ් ග්රේස් නම් චරිතයයි. රොටන් ටොමැටෝස් වෙබ් අඩවියේ 94%ක ඉහළ අගයක් ලබා ඇති මෙම චිත්රපටය, විචාරකයන්ගේ පැසසුමට ලක්ව තිබෙන්නේ ගොස්ලින්ග්ගේ විශිෂ්ට රංගනය නිසයි. සැන්ඩ්රා හියුලර් ඇතුළු තවත් දක්ෂ නළු නිළියන් රැසක් මෙයට දායක වෙනවා. මේ වන විට ප්රයිම් වීඩියෝ හරහා ඔබටත් ඉතා පහසුවෙන් මෙම චිත්රපටය නැරඹීමේ අවස්ථාව ලැබෙනවා. ඉදිරියේදී ‘Star Wars: Starfighter’ චිත්රපටය හරහාත් ගොස්ලින්ග්ව දැකගන්න පුළුවන් වේවි.

Discussion & Feedback