හැරී පොටර් චිත්රපට මාලාවේ අප කාගෙත් ආදරය දිනාගත් රොන් වීස්ලි චරිතයට පණ පෙවූ රූපට් ග්රින්ට්, නැවත වරක් එම චරිතය නිරූපණය කිරීමට සූදානම් වෙනවා. මෙවර ඔහු මේ චරිතය රඟපාන්නේ බ්රෝඩ්වේ වේදිකාවේ පැවැත්වෙන ‘හැරී පොටර් ඇන්ඩ් ද කර්ස්ඩ් චයිල්ඩ්’ නාට්යය හරහායි. 2027 වසරේ පෙබරවාරි 2 වැනිදා සිට මැයි 30 වැනිදා දක්වා සති 17ක කාලයක් පුරා ඔහුට මෙම චරිතය තුළින් රසිකයන් හමුවීමට අවස්ථාව ලැබෙනවා. දැනට මෙම නාට්යයේ රඟපාන ටොම් ෆෙල්ටන් ජනවාරි මාසයේදී ඉන් ඉවත් වීමට නියමිත අතර, ඉන් පසුව රූපට් වේදිකාවට පිවිසෙනු ඇති.
තමන්ට වයස අවුරුදු 11 සිටම රොන් වීස්ලි චරිතය තමන්ගේ ජීවිතයේ කොටසක් බවත්, අද වන විට තමන්ද පියෙකු ලෙස මෙම චරිතය නැවත රඟපෑම ඉතා සුවිශේෂී අත්දැකීමක් බවත් රූපට් පවසනවා. ඔහු පවසන පරිදි, මෙය හුදෙක් පැරණි චරිතයක් නැවත රඟපෑමක් නොව, තමන්ගේ ජීවිත අත්දැකීම් සමඟ මුසු වූ අලුත්ම ගමනක්. නිෂ්පාදකවරුන් පවසන්නේ රූපට්ගේ පැමිණීම රසිකයන්ට අමතක නොවන අත්දැකීමක් වනු ඇති බවයි. මීට පෙරද බ්රෝඩ්වේ වේදිකාවේ සාර්ථකව රඟපා ඇති රූපට්, මෙවරත් සිය රංගන කුසලතාවයෙන් ප්රේක්ෂකයන් මවිත කරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා. හැරී පොටර් ලෝලීන්ට නම් මෙය සැබවින්ම සතුටු විය හැකි පුවතක්.

Discussion & Feedback