මේ දවස්වල Rockstar Games සමාගම Grand Theft Auto VI එළිදැක්වීමට ලක ලෑස්ති වුණත්, ඔවුන් තමන්ගේ ජනප්රිය Red Dead Redemption 2 ක්රීඩාව අමතක කරලා නැහැ. විශේෂයෙන්ම Red Dead Online ක්රීඩා කරන අයට මේ දවස්වල අලුත්ම අප්ඩේට් එකක් එක්ක වටිනා දීමනා රැසක් ලබාගන්න පුළුවන්. මේ මාසයේ Bounty Hunter Bonuses වැඩසටහන යටතේ ක්රීඩකයින්ට ත්රිත්ව ත්යාග, අලුත් Emotes සහ විශේෂ ඇඳුම් පැළඳුම් වගේ දේවල් ගොඩක් දිනාගන්න අවස්ථාව ලැබෙනවා. ඔයාලා මේ මාසෙ ඇතුළත එක Bounty එකක් හරි සම්පූර්ණ කළොත් Asking for Trouble Emote එකත්, Legendary Bounty එකක් කළොත් War Cry Emote එකත් නොමිලේම ලබාගන්න පුළුවන්.
ඒ විතරක් නෙවෙයි, අගෝස්තු 3 වෙනිදා වෙනකම් ක්රීඩකයින්ට තවත් විශේෂ දීමනා කිහිපයක්ම තියෙනවා. විශේෂයෙන්ම ජූලි 21 ඉඳන් 27 වෙනිදා වෙනකම් Raccoon Hat එකත්, ජූලි 28 ඉඳන් අගෝස්තු 3 වෙනිදා වෙනකම් නොමිලේ ආයුධයක් ලබාගන්නත් ඔයාලට පුළුවන්. මේ අතරේ Rebellion Poncho, Concho Pants වගේ කලින් තිබුණු සීමිත ඇඳුම් පැළඳුම් ආයෙත් ක්රීඩාවට එකතු කරලා තියෙනවා. ඉතින් ඔයාලත් Red Dead Online රසිකයෙක් නම්, මේ අවස්ථාව මගහැරගන්නේ නැතුව ඉක්මනටම ලොග් වෙලා ඔයාලගේ තෑගි ටික ලබාගන්න අමතක කරන්න එපා.

Discussion & Feedback