ඇන්ඩි වෙයාර්ගේ සුප්රසිද්ධ නවකතාවක් ඇසුරින් නිර්මාණය වුණු ‘Project Hail Mary’ චිත්රපටය දැන් Amazon Prime Video හරහා රසිකයන්ට නැරඹීමේ අවස්ථාව ලැබිලා තියෙනවා. රයන් ගොස්ලින්ග් ප්රධාන චරිතයට පණ පොවන මේ දැවැන්ත අභ්යවකාශ චිත්රපටය, පසුගිය මාර්තු මාසයේදී සිනමාහල්වල තිරගත වුණේ ලොකු ආකර්ෂණයක් ලබා ගනිමින්. ෆිල් ලෝඩ් සහ ක්රිස්ටෝපර් මිලර්ගේ අධ්යක්ෂණයෙන් හැඩවුණු මේ නිර්මාණය, ඇමරිකානු ඩොලර් මිලියන 200ක වියදමකින් නිම වුණත්, සිනමාහල් තුළින් ඩොලර් මිලියන 630ක ආදායමක් උපයා ගැනීමට සමත් වුණා.
මේ කතාව ගෙතෙන්නේ රයන් ගොස්ලින්ග් රඟපාන රයිලන්ඩ් ග්රේස් කියන පාසල් ගුරුවරයා සහ අණුක ජීව විද්යාඥයා වටායි. සූර්යයාගේ ශක්තිය ක්රමයෙන් අඩුවීම නිසා ඇතිවන ලෝක විනාශය වළක්වා ගන්න ඔහුට අභ්යවකාශ මෙහෙයුමකට යන්න සිද්ධ වෙනවා. එහිදී ඔහුට හමුවන අමුතු පිටසක්වල ජීවියෙකු සමඟ එකතු වෙලා, තමන්ගේ ග්රහලෝක බේරගන්න ඔහු කරන අරගලය තමයි මේ චිත්රපටයේ තියෙන්නේ. පොතේ තිබුණටත් වඩා ගැඹුරු චරිත නිරූපණයක් රයන් ගොස්ලින්ග් විසින් මේ චිත්රපටයට එකතු කරලා තියෙනවා කියලා කතුවරයා පවා ප්රශංසා කරනවා.
මුලින්ම MGM+ හරහා ප්රේක්ෂකයන් අතරට ආපු මේ චිත්රපටය, දැන් ජූලි 3 වැනිදා ඉඳන් Amazon Prime Video එකේ ස්ථිරවම විකාශය වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඔයාලා තාමත් මේ අභ්යවකාශ වික්රමය බලලා නැත්නම්, දැන්ම ගෙදර ඉඳන්ම Prime Video හරහා මේ අපූරු අත්දැකීම විඳගන්න පුළුවන්.

Discussion & Feedback