ඔයාලා පවර් රේන්ජර්ස් වගේ වර්ණවත් සුපිරි වීර කතා වලට වගේම, ද බෝයිස් වගේ ටිකක් බරපතල, යථාර්ථවාදී කතා වලටත් කැමති නම්, ඔන්න ඔය දෙකේම එකතුවක් වගේ දැනෙන අලුත්ම විදියේ කොමික් කතා මාලාවක් ගැන තමයි අද කියන්න යන්නේ. ඒ තමයි ‘රේඩියන්ට් බ්ලැක්’. මේ කතාවේ ඉන්නේ නේදන් බර්නෙට් කියන තිස් හැවිරිදි තරුණයා. එයාගේ ජීවිතේ තියෙන ප්රශ්න නිසා ආයෙත් ගෙදර ඇවිත් ඉන්න අතරේ තමයි අහම්බෙන් එයාට අද්භූත කොස්මික් බලයක් ලැබෙන්නේ. ඒත් මේ බලය ලැබුණට පස්සේ එයාට මුහුණ දෙන්න වෙන දේවල් පවර් රේන්ජර්ස් වගේ සරල නැහැ. මෙතනදී වීරයෝ කියන්නේ වැරදි නොකරන අය නෙවෙයි, ඒ වගේම හැමදේම සාර්ථක වෙන්නෙත් නැහැ.
මේ කතාවේ තියෙන විශේෂම දේ තමයි ඒකේ තියෙන අනපේක්ෂිත බව. නේදන් වගේම එයාගේ යාළුවා මාෂල් වෝඩ් වුනත් මේ බලය පාවිච්චි කරන විදිහ හරිම වෙනස්. සමහර වෙලාවට වීරයෝ පරාද වෙනවා, තුවාල වෙනවා, එහෙමත් නැත්නම් කෝමා තත්ත්වයට පත් වෙනවා. මේ වගේ දේවල් නිසා කතාවේ තියෙන කුතුහලය සහ බරපතලකම තවත් වැඩි වෙනවා. සාමාන්ය සුපිරි වීර කතා වල දකින ඒකාකාරී බව මෙතන නැහැ. ඔයාලා ඇත්තටම වෙනස්, ගැඹුරු සහ ඒ වගේම ක්රියාදාම පිරුණු කතාවක් හොයනවා නම්, අනිවාර්යයෙන්ම ‘රේඩියන්ට් බ්ලැක්’ කියවලා බලන්න. මේක ඇත්තටම සුපිරි වීර කතා වලට ආදරේ කරන අයට අලුත්ම අත්දැකීමක් වේවි.

Discussion & Feedback