CNN නාලිකාවේ ප්රධාන නීති කටයුතු පිළිබඳ වාර්තාකාරිනිය විදිහට කටයුතු කරන පෝලා රීඩ් ඉදිරියේදී එම ආයතනයෙන් ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා. ඇය CNN ආයතනයෙන් ඉවත් වෙලා ‘MS NOW’ නාලිකාව හා සම්බන්ධ වෙන්න නියමිත බවයි වාර්තා වෙන්නේ. 2021 වසරේදී CBS නාලිකාවෙන් CNN හා එක්වුණු පෝලා, කෙටි කාලයක් තුළ ඇයගේ දක්ෂතා පෙන්නුම් කරමින් ප්රධාන නීති වාර්තාකාරිනිය දක්වා උසස්වීම් ලබාගන්න සමත් වුණා. ඇයගේ මෙම ඉවත්වීම සිද්ධ වෙන්නේ වෝනර් බ්රදර්ස් ඩිස්කවරි සමාගම පැරාමවුන්ට් ආයතනය විසින් අත්පත් කරගැනීමට සූදානම් වෙන පසුබිමකයි.
පැරාමවුන්ට් සහ වෝනර් බ්රදර්ස් අතර සිද්ධ වෙන්න යන මෙම ඒකාබද්ධ වීමත් එක්ක CNN නාලිකාවේ අනාගතය ගැන සේවකයෝ ලොකු අවිනිශ්චිතතාවයකින් ඉන්නේ. පැරාමවුන්ට් ප්රධාන විධායක නිලධාරී ඩේවිඩ් එලිසන්, CNN හි ස්වාධීනත්වය ආරක්ෂා කරන බව පැවසුවත්, ආයතනික මට්ටමින් සිද්ධ වෙන්න යන වෙනස්කම් ගැන මාධ්ය ලෝකයේ ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම CBS නාලිකාවේ සිද්ධ වුණු නායකත්ව වෙනස්කම් සහ එහි ප්රවීණ මාධ්යවේදීන් ඉවත් කිරීම වගේ සිදුවීම් නිසා, CNN සේවකයෝ තමන්ගේ රැකියා සුරක්ෂිතභාවය ගැන බියකින් ඉන්න බවයි දැනගන්න ලැබෙන්නේ. කෙසේ වෙතත්, පෝලා රීඩ් වගේ දක්ෂ මාධ්යවේදිනියක් MS NOW හා එක්වීම එම නාලිකාවට ලොකු ශක්තියක් වේවි කියලා තමයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ.

Discussion & Feedback