2017 වසරේ ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම චිත්රපටය ලෙස කිරුළු පැළඳි ‘මූන්ලයිට්’ (Moonlight) චිත්රපටය එහි දස වන සංවත්සරය නිමිත්තෙන් නැවත වරක් සිනමාහල් වෙත ගෙන ඒමට A24 ආයතනය පියවර අරගෙන තියෙනවා. මේ බව නිල වශයෙන් ප්රකාශ කළේ චිත්රපටයේ අධ්යක්ෂ බැරී ජෙන්කින්ස් විසින් ටෙලුරයිඩ් චිත්රපට උළෙලේදීයි. ඔක්තෝබර් 2 වැනිදා සිට මෙම චිත්රපටය අලුත්ම 4K තාක්ෂණයෙන් යුතුව නැවත නරඹන්නට ප්රේක්ෂකයන්ට අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම මෙම නැවත නිකුත් කිරීමේදී බැරී ජෙන්කින්ස්, සංගීත අධ්යක්ෂ නිකලස් බ්රිටෙල් සහ ඔස්කාර් සම්මානලාභී නළු මහර්ෂාලා අලි අතර සිදුවූ විශේෂ සාකච්ඡාවක්ද ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.
කළු ජාතික තරුණයෙකුගේ ජීවිතයේ විවිධ අවධීන් සහ ඔහුගේ අනන්යතාවය සොයා යන ගමන ඉතා සංවේදීව නිරූපණය කරන මෙම චිත්රපටය, 2017 ඔස්කාර් උළෙලේදී සිදුවූ අමතක නොවන සිදුවීමක් නිසා ලොව පුරා කතාබහට ලක්වුණා. ‘ලා ලා ලෑන්ඩ්’ චිත්රපටය ජයග්රාහකයා ලෙස වැරදීමකින් ප්රකාශ කිරීමෙන් පසු, පසුව සත්ය ජයග්රාහකයා ලෙස ‘මූන්ලයිට්’ ප්රකාශයට පත් කිරීම සිනමා ඉතිහාසයේම සුවිශේෂී මොහොතක් වුණා. සැප්තැම්බර් 9 වැනිදා සිට මේ සඳහා ටිකට්පත් වෙන් කරවා ගත හැකි අතර, සීමිත සංස්කරණයක් ලෙස විශේෂ කලා නිර්මාණයක්ද රසිකයන්ට ලබාගන්න පුළුවන්. ඔබත් සිනමා ලෝලියෙක් නම්, නැවත වරක් මෙම විශිෂ්ට නිර්මාණය සිනමාහලක අත්දැකීමක් ලෙස විඳගන්නට අමතක කරන්න එපා.

Discussion & Feedback