අද වගේ දවසක, ඒ කියන්නේ 2004 අගෝස්තු 3 වැනිදා, නාසා ආයතනය විසින් බුධ ග්රහයා ගැන අධ්යයනය කරන්න ‘මෙසෙන්ජර්’ (MESSENGER) නමින් හඳුන්වන විශේෂ අභ්යවකාශ යානයක් අභ්යවකාශයට යැව්වා. මේක ඇත්තටම අභ්යවකාශ ඉතිහාසයේ හරිම වැදගත් සිදුවීමක්. ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් මධ්යස්ථානයෙන් ඩෙල්ටා II රොකට්ටුවක් මගින් මේ යානය අභ්යවකාශගත කළේ බුධ ග්රහයාගේ මතුපිට, එහි පරිසරය සහ රසායනික සංයුතිය ගැන හොයලා බලන්නයි. බුධ ග්රහයා සූර්යයාට ගොඩක් ළඟින් පිහිටලා තියෙන නිසා, මේ යානයට එතැනට යන්න අවුරුදු හයහමාරක් විතර කාලයක් ගත වුණා.
මේ ගමන ලේසි වුණේ නැහැ. සූර්යයාගේ ගුරුත්වාකර්ෂණය නිසා යානය වේගවත් වෙන එක පාලනය කරන්න, සිකුරු සහ බුධ ග්රහයන්ගේ ගුරුත්වාකර්ෂණ බලය උපයෝගී කරගෙන තමයි මේ යානය ගමන් කළේ. අවසානයේ 2011 වසරේදී බුධ ග්රහයාගේ කක්ෂයට ඇතුළු වුණු මේ යානය, බුධ ග්රහයාගේ හරය හරිම විශාල බවත්, එහි ධ්රැව ප්රදේශවල අයිස් ස්වරූපයෙන් ජලය තියෙන්න පුළුවන් බවත් වගේ පුදුම හිතෙන කරුණු ගොඩක් ලෝකයට හෙළි කළා. 2015 වසරේදී තමන්ගේ මෙහෙයුම සාර්ථකව අවසන් කරමින් මේ යානය බුධ ග්රහයා මතට කඩා වැටුණා. මේ වන විට ජපානය සහ යුරෝපීය අභ්යවකාශ ඒජන්සිය එකතු වෙලා හදපු ‘බෙපි කොලොම්බෝ’ (BepiColombo) යානයත් බුධ ග්රහයා වෙත ගමන් කරමින් ඉන්නවා.

Discussion & Feedback