අද වගේ දවසක, ඒ කියන්නේ 1868 අගෝස්තු 18 වැනිදා, විද්යා ලෝකයේ ඉතාමත් වැදගත් සොයාගැනීමක් සිද්ධ වුණා. ප්රංශ ජාතික තාරකා විද්යාඥ පියරේ ජූල්ස් සීසර් ජැන්සන් ඉන්දියාවේදී සිදු වූ පූර්ණ සූර්යග්රහණයක් නිරීක්ෂණය කරමින් ඉන්නකොට තමයි මේ අපූරු සොයාගැනීම කළේ. ඔහු සූර්යයාගෙන් නිකුත් වන ආලෝක වර්ණාවලිය පරීක්ෂා කරන්න ‘ස්පෙක්ට්රොස්කෝප්’ කියන උපකරණය පාවිච්චි කළා. ඒ වෙලාවේ ඔහුට අමුතුම ආකාරයේ දීප්තිමත් කහ පැහැති රේඛාවක් දකින්න ලැබුණා. ඒක පෘථිවියේ තිබෙන කිසිම මූලද්රව්යයකට සමාන වුණේ නැහැ. පසුව එංගලන්ත ජාතික තාරකා විද්යාඥ නෝමන් ලොකියර් ද ස්වාධීනව මේ දේම නිරීක්ෂණය කරලා, මේක අලුත්ම මූලද්රව්යයක් කියලා තහවුරු කළා. ග්රීක සූර්ය දෙවියන් වන ‘හෙලියෝස්’ සිහිපත් වෙන්න මේකට ‘හීලියම්’ කියලා නම තිබ්බා.
මේ සොයාගැනීම ඇත්තටම විද්යා ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක්. මොකද පෘථිවියේ හොයාගන්න කලින් අභ්යවකාශයේ තිබෙන වස්තුවක මූලද්රව්යයක් ස්පෙක්ට්රොස්කෝප් තාක්ෂණයෙන් හොයාගත්ත පළමු අවස්ථාව මේකයි. පස්සේ කාලෙකදී ඉතාලි ජාතික භෞතික විද්යාඥයෙක් පෘථිවියේ ගිනිකඳු ලාවා ආශ්රිතව හීලියම් තිබෙන බවත් හොයාගත්තා. අද වෙනකොට අපි දන්නවා හීලියම් කියන්නේ විශ්වයේ හයිඩ්රජන් වලට පස්සේ බහුලවම තිබෙන මූලද්රව්යය කියලා. රොකට් තාක්ෂණයේ ඉඳන් විද්යාත්මක උපකරණ සිසිල් කිරීම දක්වා හීලියම් වල වැදගත්කම අදටත් ඉතාම වැඩියි. මේ සොයාගැනීම තාරකා විද්යාවේ දියුණුවට කොච්චර බලපෑවද කියන එක මේ සිදුවීමෙන් හොඳටම පැහැදිලි වෙනවා.

Discussion & Feedback