පසුගියදා පැවැත්වුණු එමි සම්මාන උළෙලේදී හොලිවුඩ් නිළි ඔක්ටේවියා ස්පෙන්සර් තමන්ගේ පළමු එමි සම්මානය දිනාගන්න සමත් වුණා. ඇය මේ සම්මානය දිනාගත්තේ ‘Lost Women of Alaska’ නම් අපරාධ වාර්තා වැඩසටහන වෙනුවෙන් හොඳම නිවේදිකාව ලෙසයි. ඇත්තටම මේ ජයග්රහණය බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණේ නැති එකක්. මොකද මේ කාණ්ඩය යටතේ ප්රවීණ පරිසරවේදී සර් ඩේවිඩ් ඇටන්බරෝත් නිර්දේශ වෙලා හිටියා. ඇටන්බරෝ මේ සම්මානය දිනාගත්තා නම් ඔහු එමි සම්මානයක් දිනාගත් ලොව වයස්ගතම පුද්ගලයා බවට පත්වෙන්න තිබුණා. නමුත් ස්පෙන්සර්ගේ මේ ජයග්රහණය නිසා නෝමන් ලියර් සතු වයස්ගතම එමි සම්මානලාභියා වීමේ වාර්තාව තවමත් එලෙසම පවතිනවා.
ස්පෙන්සර් මේ සම්මානය වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. ඇය පසුගිය කාලය පුරාම විවිධ උත්සවවලට සහභාගී වෙමින් මේ වෙනුවෙන් ප්රචාරණ කටයුතු කළා. තමන් කුඩා කාලයේ සිටම අපරාධ වාර්තා වැඩසටහන්වලට දැඩි ඇල්මක් දැක්වූ බවත්, තමන්ට ලැබුණු මේ අවස්ථාව ගැන ගොඩක් සතුටු වන බවත් ඇය සම්මානය ලැබීමෙන් පසු මාධ්ය හමුවේ පවසා තිබුණා. ජෝඩි ෆෝස්ටර් සහ වර්නර් හර්සොග් වැනි දැවැන්තයන් පවා පරාජය කරමින් ඇය ලබාගත් මේ ජයග්රහණය ඇගේ කලා දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් වුණා. කොහොම වුණත්, ඩේවිඩ් ඇටන්බරෝ තවමත් ප්රයිම් ටයිම් එමි ඉතිහාසයේ වයස්ගතම නිර්දේශිත පුද්ගලයා ලෙස තම නම සටහන් කරගෙන ඉන්නවා.

Discussion & Feedback