සුප්රසිද්ධ බැට්මෑන් චරිතය පාදක කරගෙන නිර්මාණය වුණු අලුත්ම සජීවීකරණ චිත්රපටය වන ‘Batman: Knightfall Part 1’ මේ වන විට අන්තර්ජාලය තුළ විශාල කතාබහකට ලක්වෙලා තියෙනවා. නිකුත් වෙලා පැය විසිහතරක් ගත වෙද්දීම ඇපල් ටීවී (Apple TV) හි වැඩිම පිරිසක් නරඹන චිත්රපට අතර තුන්වන ස්ථානයට පත්වෙන්න මේ චිත්රපටයට හැකි වුණා. 90 දශකයේ ජනප්රිය DC කොමික් කතා මාලාවක් වන ‘Knightfall’ ඇසුරෙන් නිර්මාණය කර ඇති මෙය, වැඩිහිටියන්ට පමණක් සුදුසු (R-rated) චිත්රපටයක් වීම විශේෂත්වයක්. බේන් (Bane) විසින් ආකම් ඇසිලම් (Arkham Asylum) විනාශ කිරීමෙන් පසු බැට්මෑන්ට මුහුණ දීමට සිදුවන අභියෝගාත්මක සිදුවීම් මාලාවක් මෙහි අන්තර්ගත වෙනවා.
මෙම චිත්රපටය කොමික් පොත්වල ඇති කතාවට ඉතාම සමීපව නිර්මාණය කර තිබීම නිසා රසිකයන් අතර විශාල උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. දැනට මෙය ඩිජිටල් මාධ්ය ඔස්සේ මිලදී ගැනීමට හෝ කුලියට ගැනීමට හැකියාව තිබෙන අතර, සැප්තැම්බර් 8 වැනිදා සිට භෞතික පිටපත් ලෙසත් ලබාගන්න පුළුවන්. ඉදිරියේදී මෙය HBO Max හරහා නැරඹීමට අවස්ථාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. බැට්මෑන් රසිකයන් බොහෝ කාලයක් පුරා බලා සිටි මෙම නිර්මාණය, මේ වන විටත් අන්තර්ජාලය තුළ අති සාර්ථක ගමනක් ආරම්භ කර තිබෙනවා.

Discussion & Feedback