ලොව පුරා ගේම් ලෝලීන් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න GTA 6 ක්රීඩාව ගැන අලුත්ම ආරංචියක් මේ දවස්වල අන්තර්ජාලය පුරා පැතිරෙනවා. ඒ තමයි මේ ක්රීඩාවේ දවසේ කාලය හෙවත් ‘Day/Night Cycle’ එක කලින් තිබුණට වඩා ගොඩක් දීර්ඝ වෙලා තියෙන එක. කලින් GTA 5 ක්රීඩාවේදී දවසක් ගෙවෙන්න ගත වුණේ මිනිත්තු 48ක් විතරයි. හැබැයි අලුතින්ම ලීක් වුණ වීඩියෝ දර්ශන අනුව, GTA 6 වලදී සම්පූර්ණ දවසක් ගෙවෙන්න මිනිත්තු 144ක් වගේ දීර්ඝ කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ කලින් තිබුණට වඩා තුන් ගුණයක කාලයක් අපිට ක්රීඩාව ඇතුළේ දවසේ වෙනස්කම් විඳගන්න පුළුවන් වෙනවා.
මේ වෙනස ගැන ක්රීඩකයෝ ගොඩක් සතුටින් ඉන්නේ. මොකද කලින් ක්රීඩා වලදී දවස ඉක්මනින්ම රාත්රියට හැරෙන නිසා ගොඩක් දේවල් හරියට රසවිඳින්න බැරි වුණා. දැන් මේ දීර්ඝ කාලය නිසා ක්රීඩාවේ තියෙන ලස්සන දර්ශන, රාත්රී ජීවිතය සහ විවිධ ක්රියාකාරකම් හරිම සන්සුන්ව විඳගන්න පුළුවන් වෙයි කියලා තමයි හැමෝම කියන්නේ. Rockstar සමාගම මේ පාර ගේම් එක හදලා තියෙන්නේ හරිම තාත්වික විදියට නිසා, මේ වෙනස ක්රීඩාවේ අත්දැකීම තවත් ඉහළ නංවයි කියලා විශ්වාස කරන්න පුළුවන්.
මේ අලුත් අත්දැකීම විඳගන්න නම් අපිට තව ටික කාලයක් ඉවසන්න වෙනවා. මොකද 2026 නොවැම්බර් 19 වෙනිදා PlayStation 5 සහ Xbox Series X/S සඳහා මේ ක්රීඩාව නිකුත් වුණාට පස්සේ තමයි මේ හැම දේම අපිට හරියටම අත්විඳින්න ලැබෙන්නේ. කොහොම වුණත්, මේ වගේ දීර්ඝ දවසේ කාලයක් ලබා දීමෙන් Rockstar සමාගම බලාපොරොත්තු වෙන්නේ ක්රීඩකයන්ට වඩාත් තාත්වික සහ විනෝදජනක අත්දැකීමක් ලබා දෙන්න බව පැහැදිලියි.

Discussion & Feedback