ගේම් ඔෆ් ත්රෝන්ස් රසිකයන් ගොඩක් කාලෙක ඉඳන් බලාගෙන හිටපු අලුත්ම ඕපන් වර්ල්ඩ් ආර්.පී.ජී (RPG) ක්රීඩාව ගැන අලුත්ම ආරංචියක් ලැබිලා තියෙනවා. කලින් නිකුත් වුණ ‘කිංග්ස් රෝඩ්’ (Kingsroad) ක්රීඩාව මුලදී ගොඩක් දෙනෙක් විවේචනය කළේ ඒකේ තිබුණ අධික මුදල් අය කිරීමේ ක්රම සහ සෙල්ලම් කරන්න අමාරු වුණු නිසා. හැබැයි දැන් Netmarble සමාගම මේ ක්රීඩාව සම්පූර්ණයෙන්ම අලුත් කරලා, ආසියානු කලාපයේ සාර්ථකව පවත්වාගෙන යනවා. මේ අලුත් වර්ෂන් එක හඳුන්වන්නේ ‘කිංග්ස් රෝඩ් 2.0’ විදිහට. මේකේ තියෙන විශේෂත්වය තමයි කලින් තිබුණ ගැටලු ගොඩක් විසඳලා, සෙල්ලම් කරන අයට වඩා හොඳ අත්දැකීමක් ලබා දීම.
මේ අලුත් සංස්කරණයේදී සල්ලි දීලා උපකරණ ගන්නවා වෙනුවට සෙල්ලම් කරලා ඒවා දිනාගන්න පුළුවන් විදිහට ක්රමය වෙනස් කරලා තියෙනවා. ඒ වගේම සටන් කරන විදිහ සහ මල්ටිප්ලේයර් පහසුකම් ගොඩක් දියුණු කරලා තියෙන නිසා දැන් මේක ඇත්තටම අලුත් ක්රීඩාවක් වගේ දැනෙනවා. දැනට ආසියානු රටවල ජනප්රිය වෙලා තියෙන මේ ක්රීඩාව, මේ වසරේ තුන්වන කාර්තුව අවසන් වෙන්න කලින් ලෝකේ ඕනෑම තැනක ඉන්න අයට සෙල්ලම් කරන්න පුළුවන් වෙයි කියලා තමයි ආරංචි වෙන්නේ. ගේම් ඔෆ් ත්රෝන්ස් ලෝකයේ ඇවිදලා, වික්රමාන්විත දේවල් කරන්න කැමති අයට මේක ඇත්තටම හොඳ අවස්ථාවක් වේවි.

Discussion & Feedback