නෙට්ෆ්ලික්ස් කියන්නේ විද්‍යා ප්‍රබන්ධ (Sci-Fi) නිර්මාණවලට ලෝකයේම ප්‍රසිද්ධ තැනක්නේ. ‘ස්ට්‍රේන්ජර් තින්ග්ස්’ නිර්මාණය කළ ඩෆර් සහෝදරයන් මේ වසරේ නෙට්ෆ්ලික්ස් වෙනුවෙන් අලුත් නිර්මාණ තුනක්ම එළිදැක්වූවා. ඒ අතරින් ‘ද බරෝස්’ (The Boroughs) කියන කතා මාලාව විචාරකයන්ගේ ඉහළම ප්‍රසාදය දිනාගත්තේ රොටන් ටොමැටෝස් දර්ශකයේ 96%ක අගයක් ලබා ගනිමින්. ඇල්ෆ්‍රඩ් මොලිනා, ගීනා ඩේවිස් වැනි ප්‍රවීණ නළු නිළියන් රඟපෑ මේ කතා මාලාව සති හතරක් පුරාවටම නෙට්ෆ්ලික්ස් ලෝකයේ හොඳම දහය අතර රැඳී සිටීමට සමත් වුණා.
නමුත් පුදුමයට කරුණක් වුණේ, මෙතරම් ජනප්‍රිය සහ සාර්ථක කතා මාලාවක් පළමු කතා සමයෙන්ම නතර කිරීමට නෙට්ෆ්ලික්ස් පියවර ගැනීමයි. ඇත්තටම මේ කතා මාලාවේ දෙවැනි සහ තුන්වැනි සමයන් සඳහා පවා සැලසුම් තිබුණා. වාර්තා වන විදිහට, මේ තීරණයට ප්‍රධාන හේතු දෙකක් බලපා තිබෙනවා. එකක් තමයි ඩෆර් සහෝදරයන් නෙට්ෆ්ලික්ස් හැර ගොස් පැරාමවුන්ට් ආයතනය සමඟ ගිවිසුම්ගත වීම නිසා දෙපාර්ශවය අතර ඇති වූ මතභේද. අනෙක් කාරණය තමයි, එක් කථාංගයක් සඳහා වැය වන ඇමරිකානු ඩොලර් මිලියන 10ක දැවැන්ත වියදම. කොහොම වුණත්, රසිකයන් අතර ලොකු කතාබහක් ඇති කළ මේ අපූරු නිර්මාණය මෙලෙස අතරමග නතර වීම බොහෝ දෙනෙක්ට නම් ලොකු පාඩුවක් වුණා.

Discussion & Feedback