නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වුණු අතිශය ජනප්රිය ‘KPop Demon Hunters’ සජීවීකරණ චිත්රපටය මේ දිනවල ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා. ඒ, ‘Demon Hunter’ නමින් හැඳින්වෙන ක්රිස්තියානි මෙටල් සංගීත කණ්ඩායමක් විසින් නෙට්ෆ්ලික්ස් සහ AEG Presents ආයතනයට එරෙහිව නඩු පැවරීමක් සිදු කිරීම නිසයි. ඔවුන් චෝදනා කරන්නේ චිත්රපටයේ නම භාවිත කිරීම හරහා තම වෙළඳ නාමයේ අයිතිය උල්ලංඝනය කර ඇති බවත්, එයින් තම රසිකයන් අතර විශාල ව්යාකූලත්වයක් ඇති වී තිබෙන බවත්ය. නෙට්ෆ්ලික්ස් වැනි දැවැන්ත ආයතනයක් තම සම්පත් භාවිත කරමින් කුඩා ආයතනයක අනන්යතාවය යටපත් කර ඇති බවත්, මෙය හිතාමතාම සිදුකළ සූරාකෑමක් බවත් සංගීත කණ්ඩායම පවසනවා.
මෙම චිත්රපටය ලොව පුරා වාර්තාගත ප්රේක්ෂක පිරිසක් ආකර්ෂණය කර ගත් අතර, එහි දෙවන කොටසක් පවා නිෂ්පාදනය වෙමින් පවතිනවා. කෙසේ වෙතත්, මෙම නඩු පැවරීමත් සමඟ නෙට්ෆ්ලික්ස් ආයතනය නිල ප්රකාශයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ මෙම චෝදනා කිසිදු පදනමක් නැති ඒවා බවයි. තමන් කිසිදු නීති විරෝධී ක්රියාවක නිරත වී නොමැති බව ඔවුන් තරයේ කියා සිටිනවා. මේ වන විට සංගීත කණ්ඩායම විසින් නඩු ගාස්තු සහ වන්දි මුදල් ඉල්ලා සිටින අතර, ඉදිරියේදී නීතිමය ක්රියාමාර්ග හරහා මෙම ගැටලුව විසඳෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback