නෙට්ෆ්ලික්ස් වේදිකාවේ අතිශය ජනප්රිය යොවුන් කතාමාලාවක් වන ‘අවුටර් බෑන්ක්ස්’ (Outer Banks) සිය පස්වන සහ අවසාන කතා සමයත් සමඟින් අමතක නොවන වාර්තාවක් තබමින් නිල වශයෙන් අවසන් වුණා. පසුගිය අගෝස්තු 20 වැනිදා විකාශය අවසන් වූ මෙම කතාමාලාව, ලොව පුරා ප්රේක්ෂකයන් මිලියන 400කට අධික සංඛ්යාවක් නරඹා තිබීම විශේෂත්වයක්. මෙය ඇත්තටම දැවැන්ත ජයග්රහණයක්. මේ සංඛ්යාව කොතරම් විශාලද කියනවා නම්, එය ලෝකයේ වැඩිම ආදායමක් ලැබූ ‘අවතාර්’ චිත්රපටයේ ආදායම මෙන් දෙගුණයකටත් වඩා වැඩියි. මැඩලින් ක්ලයින් සහ චේස් ස්ටෝක්ස් වැනි නැගී එන තරු රැසක් ලොවට හඳුන්වා දුන් මෙම කතාමාලාව, 2020 වසරේ ආරම්භයේ සිටම රසිකයන් අතර ලොකු ආකර්ෂණයක් දිනාගත්තා.
සාමාන්යයෙන් නෙට්ෆ්ලික්ස් ආයතනය ඔවුන්ගේ බොහෝ කතාමාලා කතා සමයන් තුන හතරකින් අවසන් කරනවා. ඒ නිසාම බොහෝ කතාමාලා අතරමගදී නතර වුණත්, ‘අවුටර් බෑන්ක්ස්’ කතාමාලාවට පස්වන කතා සමය දක්වාම කතාව සාර්ථකව අවසන් කිරීමට අවස්ථාව ලැබුණා. මෙය නෙට්ෆ්ලික්ස් ඉතිහාසයේ ඉතාමත් සීමිත කතාමාලා ප්රමාණයකට පමණක් හිමි වූ දුර්ලභ අවස්ථාවක්. උතුරු කැරොලිනා ප්රාන්තයේ සැඟවුණු නිධානයක් සොයා යන යොවුන් පිරිසකගේ කතාව වටා ගෙතුණු මෙම කතාමාලාව, අද වන විට නෙට්ෆ්ලික්ස් ඉතිහාසයේ සාර්ථකම නිර්මාණ අතරට එක්වී අවසන්. ඔබ තවමත් මෙය නරඹා නැත්නම්, අනිවාර්යයෙන්ම නෙට්ෆ්ලික්ස් හරහා එය නරඹන්න පුළුවන්.

Discussion & Feedback