ලෝකයේ ප්රධානතම ස්ට්රීම්ං සේවාව වන නෙට්ෆ්ලික්ස් ආයතනය ඉදිරි වසර කිහිපය තුළ තමන්ගේ අන්තර්ගතයන් නිෂ්පාදනය කිරීම සඳහා ඩොලර් බිලියන 20ක පමණ දැවැන්ත මුදලක් වියදම් කිරීමට සැලසුම් කරලා තියෙනවා. මේක පසුගිය වසර කිහිපයට වඩා 10%ක පමණ වැඩිවීමක්. මේ ගැන අදහස් දක්වපු නෙට්ෆ්ලික්ස් සම-ප්රධාන විධායක නිලධාරී ටෙඩ් සරන්ඩෝස් කියන්නේ, වියදම් වැඩි වුණත් කෘත්රිම බුද්ධිය හෙවත් Gen AI තාක්ෂණය නිසා නිෂ්පාදන කටයුතු වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක වෙලා තියෙනවා කියලයි. දැනටමත් නෙට්ෆ්ලික්ස් නිෂ්පාදන 300ක පමණ මේ තාක්ෂණය භාවිතා කරලා තියෙනවා.
විශේෂයෙන්ම චිත්රපට සහ වැඩසටහන්වල පශ්චාත් නිෂ්පාදන කටයුතු සඳහා මේ AI තාක්ෂණය ලොකු පිටුවහලක් වෙලා තියෙනවා. ඉතිහාසගත යුද දර්ශන හෝ විශාල ජනකායක් පෙන්වන දර්ශන වගේ සංකීර්ණ දේවල් අඩු වියදමකින් සහ ඉතා වේගයෙන් නිර්මාණය කරන්න මේ නිසා පුළුවන් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ‘ද ඇමරිකන් එක්ස්පෙරිමන්ට්’ වාර්තා වැඩසටහනේ AI තාක්ෂණයෙන් වැඩි දියුණු කළ දර්ශන, සාමාන්ය ක්රමයට වඩා දෙගුණයක් වේගයෙන් සහ අඩක් වියදමින් නිම කරන්න ඔවුන්ට හැකි වුණා.
මේ අතර නෙට්ෆ්ලික්ස් ආයතනය දැන් සජීවී වැඩසටහන් (Live content) කෙරෙහිත් වැඩි අවධානයක් යොමු කරනවා. ක්රීඩා ඉසව් සහ විවිධ රියැලිටි වැඩසටහන් හරහා නව ග්රාහකයන් ආකර්ෂණය කරගන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත්, මේ තාක්ෂණයෙන් ලැබෙන ඉතිරිය නැවතත් අලුත් අන්තර්ගතයන් නිර්මාණය කරන්න ආයෝජනය කරන නිසා, ඉදිරියේදී නෙට්ෆ්ලික්ස් හරහා වඩාත් රසවත් වැඩසටහන් රැසක් අපිට බලාගන්න පුළුවන් වේවි.

Discussion & Feedback