නාසා ආයතනය විසින් අති නවීන තාක්ෂණයෙන් යුතු රෝමන් අභ්යවකාශ දුරේක්ෂය අභ්යවකාශගත කිරීම සඳහා අවශ්ය ඉන්ධන පිරවීමේ කටයුතු පසුගියදා සාර්ථකව අවසන් කළා. මෙම දුරේක්ෂය අගෝස්තු 30 වැනිදා SpaceX Falcon Heavy රොකට්ටුවක් මගින් අභ්යවකාශයට යැවීමට නියමිතයි. විශේෂත්වය වන්නේ මෙම ව්යාපෘතිය නියමිත කාලයට වඩා මාස නවයකට පෙර සහ ඇස්තමේන්තුගත වියදමට වඩා අඩුවෙන් නිම කිරීමට හැකි වීමයි. මෙම දුරේක්ෂය මගින් වසරකට ටෙරාබයිට් 500කට අධික අභ්යවකාශ දත්ත ප්රමාණයක් ලබා ගැනීමට අපේක්ෂා කරන අතර, එය හබල් දුරේක්ෂය වසර 35ක් පුරා ලබාගත් දත්ත ප්රමාණයටත් වඩා වැඩි වීම විශේෂත්වයක්.
මෙම දුරේක්ෂය ජේම්ස් වෙබ් දුරේක්ෂයට අනුපූරකයක් ලෙස ක්රියා කරන අතර, එයට වඩා පුළුල් පරාසයක අභ්යවකාශය නිරීක්ෂණය කිරීමේ හැකියාව මෙහි ඇති ‘Wide Field Instrument’ මගින් ලැබෙනවා. අඳුරු පදාර්ථ, අඳුරු ශක්තිය සහ ජීවය පැවතිය හැකි ග්රහලෝක සෙවීම වැනි අභියෝගාත්මක පර්යේෂණ සඳහා මෙය මහත් පිටුවහලක් වේවි. පෘථිවියේ සිට සැතපුම් මිලියනයක් දුරින් පිහිටි ලැග්රේන්ජ් ලක්ෂ්ය 2 (L2) වෙත ගමන් කරන මෙම දුරේක්ෂය, එහි ඇති විශේෂිත ඉන්ධන භාවිතයෙන් තම කක්ෂය ස්ථාවරව පවත්වා ගැනීමටත්, සූර්ය පැනල නිසි ලෙස ක්රියාත්මක කිරීමටත් කටයුතු කරනවා. අභ්යවකාශ විද්යාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් රෝමන් දුරේක්ෂය විශ්වයේ රහස් සොයා යන ගමන ඉතා ඉක්මනින්ම ආරම්භ වීමට නියමිතයි.

Discussion & Feedback