මෑතකදී දකුණු ඉන්දියානු සාගරයට ඉහළින් සිදුවූ අභිරහස් අභ්යවකාශ ක්රියාකාරකමක් හේතුවෙන් ඇමරිකානු ගුවන් හමුදාවට අයත් C-17 Globemaster ප්රවාහන ගුවන් යානයක් සිය ගමන අතරමග නවතා ආපසු හැරවීමට සිදුවුණා. නවසීලන්තයේ ක්රයිස්චර්ච් ගුවන්තොටුපළේ සිට ඇන්ටාක්ටිකාවේ මැක්මර්ඩෝ මධ්යස්ථානය බලා පිටත් වූ මෙම යානය, ගුවන් ගමන ආරම්භ කර පැය දෙකක් ගතවෙද්දී මෙලෙස ආපසු හැරවීමට සිදුවූයේ රුසියානු ගුවන් ගමනාගමන පාලන අධිකාරිය විසින් නිකුත් කළ අනතුරු ඇඟවීමක් නිසයි. එම කලාපයේ පවතින අභ්යවකාශ ක්රියාකාරකම් ගුවන් ගමන්වලට අනතුරුදායක විය හැකි බව ඔවුන් පවසා තිබුණා.
මෙම සිදුවීමට පෙර සිටම ඇමරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් ඕස්ට්රේලියාව සහ ඉන්දියානු සාගරය ආශ්රිත ගුවන් කලාපය තුළ රුසියානු අභ්යවකාශ ක්රියාකාරකම් සිදුවන බවටත්, එම ප්රදේශයේ අභ්යවකාශ සුන්බුන් තිබිය හැකි බවටත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණා. ඇතැම් විට මෙය රුසියාව සිදුකරන මිසයිල අත්හදා බැලීමක් හෝ පාලනයකින් තොරව වායුගෝලයට ඇතුළු වන අභ්යවකාශ සුන්බුන් කොටසක් නිසා සිදුවූවක් විය හැකි බවයි විද්වතුන් පවසන්නේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඇමරිකානු ගුවන් හමුදාව තවමත් නිල ප්රකාශයක් නිකුත් කර නැහැ. අභ්යවකාශයේ වැඩිවන තදබදයත් සමඟ මෙවැනි අනතුරුදායක තත්ත්වයන් ඉදිරියේදී තවත් වැඩි විය හැකි බවටයි විද්යාඥයින් අනතුරු අඟවන්නේ.

Discussion & Feedback