1998 වසරේදී හඳුන්වා දුන් හීඩියෝ කොජිමාගේ සුප්රසිද්ධ Metal Gear Solid ක්රීඩාව අදටත් වීඩියෝ ක්රීඩා ලෝලීන් අතර ඉහළ පිළිගැනීමක් තියෙන නිර්මාණයක්. බොහෝ කාලයක සිට රසිකයන් මේ ක්රීඩාවේ නිල Remake එකක් බලාපොරොත්තුවෙන් හිටියත්, කොනාමි සමාගමෙන් ඒ ගැන තවම නිශ්චිත ප්රතිචාරයක් ලැබිලා නැහැ. ඒත් දැන් සතුටුදායක ආරංචියක් තියෙනවා. Maxime THOMAS LE DEORE නම් දක්ෂ නිර්මාණකරුවෙක් Unity Engine එක භාවිතයෙන් මේ ක්රීඩාවේ මුල් කොටස් කිහිපයක් සහ අමතක නොවන Boss සටන් ඇතුළත් කරලා අපූරු Remake එකක් නිර්මාණය කරලා තියෙනවා.
මේක සම්පූර්ණ ක්රීඩාවම නෙවෙයි වුණත්, මුල් ක්රීඩාවේ තිබුණු අත්දැකීම අලුත් තාක්ෂණයත් එක්ක අත්විඳින්න මේක හොඳ අවස්ථාවක්. මේ නිර්මාණය තුළ අලුත් ක්රීඩා විලාසයන් සහ විශේෂාංග රැසක් අන්තර්ගත කරලා තියෙනවා. දැනටමත් මේ ක්රීඩාව නොමිලේ බාගත කරගන්න පුළුවන් විදියට අන්තර්ජාලයට නිකුත් කරලා තියෙනවා. මෙහි ප්රමාණය 3GB පමණ වන නිසා ඕනෑම සාමාන්ය පරිගණකයක පහසුවෙන් ධාවනය කරන්න පුළුවන්.
මේ වගේ නිර්මාණයක් රසිකයන්ට ලැබීම ඇත්තටම වටිනවා. සමහර විට මේ වගේ උත්සාහයන් දැකලා හරි කොනාමි සමාගම ඉදිරියේදී නිල වශයෙන් Metal Gear Solid Remake එකක් ගැන හිතයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබත් මේ ක්රීඩාවේ රසිකයෙක් නම්, මේ අවස්ථාව මගහැරගන්නේ නැතුව ඉක්මනින්ම බාගත කරලා අත්දැකීම විඳගන්න.

Discussion & Feedback