පලස්තීනය වෙනුවෙන් පෙනී සිටීම නිසා ‘ස්ක්රීම්’ (Scream) චිත්රපට මාලාවෙන් ඉවත් කළ නිළි මෙලිසා බැරෙරා මේ දිනවල ලෝකයේ සිදුවන වෙනස්කම් ගැන අදහස් දක්වලා තියෙනවා. ගායක මැක්ලමෝර් පලස්තීනය වෙනුවෙන් කළ ප්රකාශයක් නිසා ඔහුව සංචාරයකින් ඉවත් කළාට පස්සේ, ඒ වෙනුවෙන් ෆිනියස් සහ එඩ් ෂීරන්ගේ අනෙකුත් ශිල්පීන් සහයෝගය පළ කරමින් එම සංචාරයෙන් ඉවත් වීම ඇයට හරිම සංවේදී දෙයක් වෙලා. ඒ ගැන ඇය කියන්නේ, මීට අවුරුදු තුනකට කලින් මට මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න වුණාම කවුරුත් මට සහයෝගය දුන්නේ නැහැ, ඒ කාලේ මිනිස්සු ගොඩක් බය වෙලා හිටියේ කියලා.
ඇත්තටම 2023 නොවැම්බර් මාසයේදී පලස්තීනුවන් වෙනුවෙන් සමාජ මාධ්ය ඔස්සේ අදහස් දැක්වීම නිසා තමයි ඇයව එම චිත්රපට මාලාවෙන් ඉවත් කළේ. ඒ වෙලාවේ ඇයට සහයෝගයක් ලැබුණේ නැති වුණත්, අද වෙනකොට ලෝකයේ මතවාද වෙනස් වෙමින් පවතින බව ඇය සතුටින් සිහිපත් කරනවා. බැරෙරාගේ ඉවත් වීමත් එක්කම ජෙනා ඔර්ටෙගා සහ අධ්යක්ෂ ක්රිස්ටෝපර් ලැන්ඩන් වැනි ප්රබල චරිතත් එම නිර්මාණයෙන් ඉවත් වුණා. අද වෙනකොට පලස්තීනය වෙනුවෙන් හඬ නගන කලාකරුවන්ට ලැබෙන මේ සහයෝගය දකිනකොට ඇයට දැනෙන්නේ ලොකු සතුටක්. කාලයත් එක්ක මිනිස්සුන්ගේ හඬ වෙනස් වෙලා තියෙන එක ඇත්තටම ලොකු දෙයක් කියලා තමයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Discussion & Feedback