ජනප්රිය ඇමරිකානු ගායිකා මේගන් මොරෝනි තමන්ගේ ‘Cloud 9’ සංචාරය අතරතුර ඩෙන්වර් නුවර පැවැත්වීමට තිබූ ප්රසංගය හදිසියේම නතර කිරීමට තීරණය කර තිබෙනවා. ඇය ප්රසංගය ආරම්භ කර ගීත තුනක් පමණක් ගායනා කළ අතර, තමන්ට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්රසංගය දිගටම කරගෙන යාමට නොහැකි බව ඇය වේදිකාවේදී ප්රකාශ කළා. මේ සිදුවීම නිසා ඇය දැඩි කම්පනයට පත්ව සිටින බවත්, රසිකයන්ට මෙවැනි අත්දැකීමක් ලබාදීමට සිදුවීම ගැන තමන් ඉතාමත් කනගාටු වන බවත් ඇය සිය ඉන්ස්ටග්රෑම් ගිණුම හරහා කඳුළු පිරි දෑසින් පවසා තිබුණා.
කෙසේ වෙතත්, මේගන් මොරෝනි සිය රසිකයන්ට පොරොන්දු වී තිබෙන්නේ අගෝස්තු 17 වැනිදා නැවතත් ඩෙන්වර් නුවරට පැමිණ එම ප්රසංගය සම්පූර්ණයෙන්ම පවත්වා දෙන බවයි. දැනටමත් ප්රවේශපත්ර මිලදී ගෙන ඇති අයට එම දිනයේදී ප්රසංගය නැරඹීමට අවස්ථාව ලැබෙන අතර, එදිනට සහභාගී වීමට නොහැකි අයට මුදල් ආපසු ලබා ගැනීමටත් පහසුකම් සලසා තිබෙනවා. තමන්ගේ රසිකයන්ට සියයට සියයක දක්ෂතාවයක් පෙන්වීමට නොහැකි නම් ප්රසංගයක් පැවැත්වීම තේරුමක් නැති බවත්, තමන්ගේ සෞඛ්ය තත්ත්වය යහපත් වූ වහාම නැවතත් වේදිකාවට පැමිණෙන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඇයගේ ඉදිරි ප්රසංග මාලාව නියමිත පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.

Discussion & Feedback