සමාජ මාධ්ය ඔස්සේ ලොව පුරා දැඩි කතාබහට ලක්වූ ඇන්ඩෲ ටේට් සහ ඔහුගේ සහෝදරයා වන ට්රිස්ටන් ටේට්ව ඇමරිකාවේ මියාමි නුවරදී අත්අඩංගුවට ගෙන තියෙනවා. ඇමරිකානු මාෂල් සේවය විසින් සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත්තේ බ්රිතාන්යයේ පවතින ලිංගික අපරාධ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන්ව එරටට පිටුවහල් කිරීමේ නීතිමය ක්රියාමාර්ගයක කොටසක් විදියටයි. මේ වන විට ඔවුන්ට එරෙහිව පවතින චෝදනා සම්බන්ධයෙන් නිල වශයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කර නොමැති වුවත්, බ්රිතාන්යයේ නීතිපති දෙපාර්තමේන්තුව පවසන්නේ තවත් වින්දිතයන් සිව්දෙනෙකු ඉදිරිපත් වීමත් සමඟ මෙම චෝදනා ගොනු කළ බවයි.
ඇන්ඩෲ ටේට්ට එරෙහිව දූෂණ චෝදනා හතක්, මිනිස් ජාවාරම් කිරීම් සහ ළමා අපචාර සම්බන්ධ බරපතල චෝදනා රැසක් එල්ල වී තියෙනවා. ඒ වගේම ට්රිස්ටන් ටේට්ට එරෙහිවද ලිංගික අතවර සහ මිනිස් ජාවාරම් කිරීම් සම්බන්ධයෙන් චෝදනා ගොනු කර තිබෙනවා. බෙඩ්ෆෝර්ඩ්ෂයර් පොලිසිය විසින් ලබාදුන් සාක්ෂි සහ තොරතුරු පදනම් කරගෙන මෙම නීතිමය පියවර ගෙන ඇති අතර, මේ වන විට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල කර ඇති මුළු වින්දිතයන් සංඛ්යාව හත්දෙනෙකු දක්වා ඉහළ ගොස් තියෙනවා. ඉදිරියේදී මෙම නඩුව සම්බන්ධයෙන් තවත් තොරතුරු බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback