ලෝක ප්රසිද්ධ ස්ටාර් වෝර්ස් සිනමා නිර්මාණයට වසර 50ක් පිරීම නිමිත්තෙන් ලූකස් ෆිල්ම් ආයතනය විශේෂ වැඩසටහනක් දියත් කරන්න සූදානම් වෙනවා. ගොඩක් දෙනෙක් හිතුවේ මේ සැමරුම වෙනුවෙන් අලුත් චිත්රපටයක් එයි කියලා, නමුත් ඒ වෙනුවට ඔවුන් තීරණය කරලා තියෙන්නේ ‘Star Wars: A New Hope: Triple Take’ නමින් අලුත්ම ග්රැෆික් නවකතාවක් එළිදක්වන්නයි. මේ පොතේ විශේෂත්වය තමයි ලූක් ස්කයිවෝකර්, ප්රින්සස් ලෙයා සහ හැන් සොලෝ කියන ප්රධාන චරිත තුනම තමන්ගේ දෘෂ්ටිකෝණයෙන් මේ කතාව ආයෙත් විස්තර කිරීම. ඒ නිසා එකම සිදුවීම චරිත තුනක ඇස්වලින් දකින්න පාඨකයන්ට පුළුවන් වෙනවා.
මේ ග්රැෆික් නවකතාව ලියන්නේ චාස් පැන්ග්බර්න් සහ කිම් ෂියරර් කියන දක්ෂ නිර්මාණකරුවන් දෙපළයි. මෙහිදී ලූක්ගේ කතාව වීරත්වය ගැන කියවෙනකොට, ලෙයාගේ කතාව කැරලිකාර හමුදාවේ අභියෝග ගැනත්, හැන් සොලෝගේ කතාව ඔහුගේ විහිළු සහගත වික්රමාන්විතයන් ගැනත් අපිට බලාගන්න පුළුවන්. 2027 මැයි මාසයේදී එළිදැක්වීමට නියමිත මේ පොත, ස්ටාර් වෝර්ස් රසිකයන්ට අමතක නොවන අත්දැකීමක් වේවි. මේ නිර්මාණයට අමතරව තවත් අලුත් කතා මාලා කිහිපයක්ම ඉදිරියේදී එළිදැක්වීමට ලූකස් ෆිල්ම් ආයතනය සැලසුම් කරලා තියෙනවා. ඉතින් ස්ටාර් වෝර්ස් රසිකයන්ට මේ වසර කිහිපය ඇතුළත අලුත් අත්දැකීම් ගොඩක් බලාගන්න පුළුවන් වේවි.

Discussion & Feedback