ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්රාන්තයේදී තම දරුවන් තිදෙනා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටින හිටපු හෙදියක වන ලින්ඩ්සේ ක්ලැන්සිගේ නඩු විභාගය අවසානයේදී කිසිදු තීන්දුවකින් තොරව අත්හිටුවීමට විනිසුරුවරයා පියවර ගත්තා. දින ගණනාවක් තිස්සේ ජූරි සභිකයන් අතර පැවති මතභේද හේතුවෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම නිසා මෙම තීරණය ගෙන තිබෙනවා. ඇය දරුවන් ඝාතනය කළ බව පිළිගත්තත්, ඇයගේ නීතිඥවරු පවසන්නේ දරු ප්රසූතියෙන් පසු ඇති වූ මානසික රෝගී තත්ත්වයක් (postpartum psychosis) නිසා ඇයගේ සිහිය විකල් වී තිබූ බවයි. නමුත් පැමිණිල්ල පවසන්නේ ඇය මෙම අපරාධය සැලසුම් සහගතව සිදු කළ බවයි.
මෙම සිදුවීම ඇමරිකාව පුරා දැඩි කතාබහකට ලක්වූ අතර, ජූරි සභාවේ එක් සාමාජිකයෙකුගේ දැඩි ස්ථාවරය නිසා තීන්දුවක් ලබා ගැනීමට නොහැකි වූ බවයි වාර්තා වන්නේ. නීතිඥවරුන් පවසන්නේ මෙම නඩුව නැවත විභාග කිරීමට කඩිනමින් පියවර ගන්නා බවයි. දැනට රෝද පුටුවකට සීමා වී සිටින ක්ලැන්සි, නඩු විභාගය අවසන් වනතුරු අත්අඩංගුවේම පසුවනු ඇති. දරු ප්රසූතියෙන් පසු ඇතිවන මානසික අවපීඩනය සහ එහි බරපතලකම පිළිබඳව මෙම නඩුව හරහා ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළ මෙම නඩුව නැවතත් කරළියට පැමිණෙනු ඇති අතර, එයින් ලැබෙන තීන්දුව කුමක් වේද යන්න පිළිබඳව බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවනවා.

Discussion & Feedback